(විමුක්ති එස් රුද්‍රිගු)
ණය බරින් පීඩිත වී සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බව නිල වශයෙන් ඉන්දියාව ප්‍රකාශ කර දින කිහිපයක් තුළ චීනයද මූල්‍ය සහතික ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික ලබා දෙන බවත් පවසමින් ලිපියක් ඊචීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට නිල වශයෙන් සහාය ලබා දෙන බව ඉකුත් 16 වැනිදා ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙන ලදි.
ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය කෙටි කාලීනව අත් හිටුවීමට චීනය තීරණය කර ඇති බවත් මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ණයහිමියන් එකතු වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළ බව එන්.ඩී.ටී.වී පුවත් සේවය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර මොනවාද ජනතාවට හොරෙන් චීනෙට දෙන්න පොරොන්දු වුනේ...?
අවුරුදු දෙකකට පස්සේ එන ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි.
ඒ සල්ලිත් අරන් ඡන්දෙට වියදම් කරයි. මේ කාලකන්නි සෙට් එක ඉන්නකම් රටට අබ සරණයි.
මේ විදියට අධික ගිනි පොලියට මැදමුලන බයියලා ,රාජපක්ෂ බෝඩ් ලෑලි එල්ලීමට අටවා ගත ඉදිකිරීම් සඳහා චීන ණය කන්දරාව සම්පූර්ණයෙන්ම කපා හැර අහෝසි කිරීමට (WRITE OFF) කරවා ගැනීමට රජය අපොහොසත් වුනේ මොකද?
ණය ණය ණය? ණය තව තව ගන්න මිසක් අපේ එවුන් ණය පියවන සැළැස්මක් ගැන හිතන්නෙ නැහැ. හැමදාම ණයටම කාලා බීල ඉමු. තව අවුරුදු දෙකකින් දෙයියන්ගෙ පිහිට කියා ගන්නත් බැරිවෙයි.
මේ අදුරදර්ශී දේශපාලන නඩය ඉන්නකල් මේ රට තව තවත් ආර්ථික අගාධයටමයි යන්නේ. මොවුන් සැමදා සැලසුම් හැදුවේ තම දූර කාලය වසර 4 හෝ 5, ණය ටිකක් අරගෙන ජනතාවට සැබෑ ආර්ථික ගැටළු කඩතුරාවකින් වැසීමයි. 2048 කතා අමු ප්‍රෝඩාවක්. අද අවුරුදු 20 ක තරුණයෙක් එදිනට 75. බොරු කතානේ, නියමිත මාර්ග සැලසුමක් නැතිව ලොකු කයිවාරු ගහනවා නොපෙනන මානයක් පෙන්වමින්.
රටකට විදෙස් ණය අවශ්‍යවන්නේ එරට ආර්තිකය ප්‍රවර්ධනය කර එකී බැදීම් නිරවුල් කිරීම පිණිස වෙයි. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කර රට නගා සිටුවීමේ පරම පිවිතුරු චේතනාවක් තිබිය යුතුයි. නමුත් රටක නිවැරදි අනාගත අර්ථික ප්‍රවර්ධන සැලසුම් නොමැතිව හුදු බලයේ සිටීම සඳහා කෙටි කාලීනව ජනතාව සතුටුකිරීමටත් තමන්ට පක්ෂව කටයුතු කරන හිතවතුන්ට,ඥිතීන්ට ,ව්‍යාපාරිකයින්ට රිසිසේ රාජ්‍ය ධනය පැහැර ගන්නටත් රාජ්‍ය නිලධාරීන්ට තම මඩි තරකර ගැනීමටත් යෝග්‍ය පරිසරය සකස් කිරීමෙන් රට බංකොලොත් වන අතර ණය ගෙවිය නොහැකි අසමත් රාජ්‍යයක් බවට පත් වේයි. අද අප රටට වී ඇති අපරාධය එයයි. මෙම වැරැද්ද සියළු ජනයාගේ අවබොධයෙන් නිවැරදි කර ගත යුතුයි. සියල්ලන්ගේ ඇස් ඇරේවා!
පමා වෙලා ණය ගෙවමු. එතකොට ණය අරගෙන රටට කෙරුණු වැඩ කොටස අපට ඉතිරියි. ඔය වැඩටික, විදුලිබලාගාර දෙකක් හදන්න, කොළඹ, මාතර, කොළඹ කටුනායක අධිවේගී මාර්ග, අපිට අතිරේක ගුවන් තොටුපලක් වරායක්... ඔය ටික දැන් කරන්න ගියා නම්...? මේවා ජෙප්පන් ඇවිත් කරන්නෙත් නැහැ. ජෙප්පන් රටට කරපු දෙයක් නැහැ. ගිනිතිබ්බා හැරෙන්නට... රනිල් කරන්නෙත් නැහැ. කොමිස් ගැහිල්ල ගැන කතා කරන්න එපා. 1977 මහවැලිය කරපු ගොයියන් ඇපල් වතු ගත්තා කියලා ජෙප්පොමයි කියන්නේ.
චීනය ණය පමා කරන්න එකඟ උනානම් IMF එකෙන් ඩොලර් බිලියන 2.5 ලැබෙයි නේද? එතකොට අපේ ඩොලර් ගිණුම් වලතිබෙන සල්ලි අරන් රටින් පිටවෙන්න පුළුවන් නේද? ඊට පස්සේ තමුසෙලා ඕන කුදයක් ගහ ගන්නවා අපිට කමක් නැහැ.