
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙසේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන හා ආනයන බැංකුව අතර පසුගිය ජුනි මස 26 වැනිදා එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධනය කිරීමේ ගිවිසුමයි.
මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී ලබන සතියේදී අනුමත කිරීමට නියමිතය.
මෙම ගිවිසුම් දෙක පාර්ලිමේන්තුවේදී මීට පෙර අනුමත කිරීමට නියමිතව තිබුණත් විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු දැක්වීම හේතුවෙන් විවාදයට ගැනීම කල් ගියේය.
මෙම ගිවිසුම් දෙක ක්‍රියාත්මක කිරීම සඳහා සියලු අවසර මුදල් අමාත්‍යවරයාට ලබාදීම මෙම යෝජනා සම්මතයේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිවිසුම් 2 ක කාටවත් පෙන්වන්න බැරිලු. මිනී ලේ ගෑවුණු අත් ඔසවාලා අනුමැතිය දෙන "දේශකාපාලු තිරිසනුන්" වත් මේ ගිවිසුම දැකලා නැහැ. දැකලාවත් නැති එහෙම ගිවිසුම් අනුමත කරන මේ ලෝකයේ ඉන්න එකම " තිරිසනුන්ටත් අන්ත සක්කිලි " මන්ත්‍රීලා ඇමැතිලා ඉන්න රට ශ්‍රී ලංකාවයි. ඔය ගිවිසුම් දෙකට අත් ඔසවාලා අනුමැතිය දෙන " තිරිසනුන් දන්නේ නැහැ ඒ උන් අනුමැතිය දෙන්නේ ඔවුන්ගේ "මළගම" ට බව !!! හෘද සාක්ෂියක් නැති මිනිහෙක් කියන්නේ නිකම්ම නිකම් මළමිනියක් පමණයි. රටේ ජනතාවගෙන් ඡන්දේ ලබාගෙන ඇමැතිකම් අරගෙන ජනතාවට වල කපන, ජනතාව පාවාදෙන අසික්කිත නරුමයිනේ... මේ නුඹලාගේ අවසාන පැය කිහිපයයි...