(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගත නොකලා නම් වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර ගණනක් යනතුරු විදේශ ණය බරක් දරන්නට සිදුවන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී ජනපති සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීය
"එය ගෙවීමට අපහසු නිසා තමයි ණය ගෙවීම තාවකාලිකව නවතා ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට මේ ක්‍රියාවලයේ යෙදෙන්නේ. එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූලය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා.
ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා.
ෙ මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නෑ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සාමාන්‍ය ජනතාවට කියලා වැඩක් නැහැ. කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් රටට ප්රතිලාභ ලබා දිය හැකි දේ හදන්න.
ණය ප්‍රතිව්‍යහගත කරනවා කියලා කරන්නේ තව වසර 2 ක් පමණ ණය කල් දාගන්නවා වගෙ වැඩක්. මේක මීලග ආණ්ඩුවට මාර බෝම්බයක්. ණය කල් දාගෙන අද මෙයාල ජාමෙ බේර ගන්නවා. කොච්චර කල් දාගත්තත් අපිම ගෙවන්න එපායැ.
මේ ක්‍රමය ලංකාවෙ බැංකු සහ ලීසින් සමාගම්වලටත් පිළිපැදීමට නිර්දේශ කළයුතු ඉතාම වැදගත් ආදර්ශයක්! ඔබ තුමාලට ජය.
නාස්තිය, දූශනය, හොරකෙඑම නතර කර්න්නෙ නැතුව මොනව කලත් වැඩක් නෑ, තව තවත් නය අරගන, නැවත ගෙවන්න වෙන දවස්ක මීට වැඩියෙ හිර වෙන එක වෙන්නෙ, මෙ ඔක්නොම හදන් තමන් ඉන්න කලේ කොහොම හරි නය අරගෙන ශේප් වෙලා දීර්ඝ කාලීනන විශාල ප්‍රස්නයක් අති කරන එක.
අමර- ලන්කවෙ තිබෙන බැන්කු සහ ලිසිං සමගම් එක්ක කතා කරල මෙ විදිහට නය කල් දමාගන්න පුලුවන් . ප්‍රශ්නෙකට තිබෙන්නෙ පොලි අනුපාතය 25%-30 % අතරෙ පොලියක් ගෙවනවට වැඩිය ලබයි සමහර අවස්තාවල වාහනය විකුන ලිසිං නය ටික ගෙවා දමා ඉතුරු මුදලින් අඩුවට වාහනයක් ගන්න එක.
ආනයන උපරිම සීමා කර අපනයන වැඩි කර, ඇයවය පරතරය අඩු කලානම් නය වෙන්න දෙයක් නැැනෙ