(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව සබ්රි මහතා තැබූ සටහනේ දැක්වේ.
එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බව සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ණය දෙන්නේ මොන මෝඩයාද?
ණය දුන් රටවලට දෙයියන්ගේම පිහිටයි... ඔය ණය ගෙවන්නේ නැහැ..
ලෝකේ වටේ රවුම් ගගහ මෙහෙ ඇවිල්ලා බොරු බේගල් කියනවා. පරණ පිනක් පෑදිලා දැන් වැඩියෙන්ම ඉන්නේ ලංකාවෙ නෙමෙයි රට. අයියෝ අපේ සල්ලි..
ඕක කියන්න ඇමැතියෙක් ඕනෑද? ණයසහන ඉල්ලගෙන... ඒකත් මාකටින් වලට පාවිච්චි කරනවා...
ගෝඨාභයට තිබිච්චි නඩුවලින් නිදහස් කරලා රටත් නන්නත්තාර කරපු කෙනා තමයි මේ...
මම විශ්වාස කරනවා සබ්රී මහතා අපට සිටින හොඳම විදේශ ඇමතිවරයා. මුදල් ඇමැතිවරයකු ලෙසත් එතුමා විශාල සේවයක් කළා. සබරී මහතාට සාපේක්ෂව උගත් දේශපාලකයන්ගේ හැසිරීම් ඉතා අවතක්සේරු කරන්නේ මන්දැයි මට මහත් දුකක් දැනුනි.