IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය කඩ් සොරගෙන සුදුවෙන්න ක්‍රීම් අරගෙන

(නිමන්ති රණසිංහ)

වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක ‘සුදුවෙන්න ක්‍රීම්” මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලෙස සේවය කරන අයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ වරලත් ගණකාධිකාරිවරයකු වන රනිල් විජේසිංහ මහතා විසින් ඉකුත් 26 වැනිදාය.

තමන් ඉකුත් පෙබරවාරි මස 26 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලට ගොස් මත්පැන් මිලදී ගත් බවත් එහිදී ගනුදෙනු කළ ණය කාඩ්පත අමතකව ගොස් එය අස්ථාන ගතවූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඔහුට එරෙහි චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියෝග කළේය.

 



අදහස් (3)

ණය කඩ් සොරගෙන සුදුවෙන්න ක්‍රීම් අරගෙන

Prabha Wednesday, 15 March 2023 07:44 PM

පොඩි එකාගේ නම ගම ජාතිය ඔක්කොම කැත නැතුව දෙනවා

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 March 2023 09:02 PM

ඉතාලි ප්‍රංශ කොල්ලෝ ආසා අපේ කෙල්ලන්ගේ ඔරිජිනල් පාටට. අපේ කෙල්ලෝ අව්වට පිච්චෙන්න පිච්චෙන්න තවත් ලස්සනයි. ඒත් ලංකාවේ බදින්න ඉන්න කොල්ලාගේ අම්මා හොයන්නේම සුදු කෙල්ලෝ.

:       0       0

Perera Wednesday, 15 March 2023 11:36 PM

වදකහ සුදිය බීපු අයගේ පරම්පරාවේ අයද කොහෙද.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site