
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ තරංග ගුණරත්න)
ඩීසල්වලට භූමි තෙල් මිශ්‍ර කර වැඩි මිලට විකිණීම ජාවාරමක නිරත වු බව කියන වැලිගම මිරිස්ස ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයකු ඩීසල් ලීටර් 4070 ක තොගයක් සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලීසිය එම නිලධාරීන් සමග එක්ව මෙම වැටලීම සිදු කලේය.
භූමි තෙල් මිශ්‍ර බව කියන ඩීසල් බැරල් 19 ක් මිරිස්ස වරායේ ජැටිය මත තිබියදී පොලීස් බාරයට ගෙන තිබේ.
තම බහු දින යාත්‍රාවලට මේ ආකාරයෙන් ඉන්ධන එක් රැස් කර ගෙන තිබෙන බව එම ව්‍යාපාරිකයා පොලිසියට කියා ඇත.
බහු දින යාත්‍රා තුනක හිමිකරුවකු වු ඔහුගේ එක් යාත්‍රාවක් රැකියාව සදහා මුහුදු ගොස් තිබෙන බව ද තවත් යාත්‍රාවක් ධීවර වරායේ නැංගුලම්ලා තිබු බව අනෙක් යාත්‍රාව අබලන්ව කැඩී ගොස් තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නැංගුරම් ලා තිබු යාත්‍රාවේ ටැංකිය තුල ඩීසල් ලීටර් 2000 කට වැඩි ප්‍රමාණයක් තිබු බවද ඒවා යාත්‍රාවේ ටැංකිය තුල තිබු නිසා අත් අඩංගුවට ගැනීමක් සිදු නොකල බවද එම නිලධාරියා කීය.
දැනට අබලන්ව පැවති ධීවර යාත්‍රාව උපයෝගී කර ගෙන ඔහු මේ ආකාරයට ඩීසල් ලබා ගෙන එක්රැස් කර ගෙන තිබෙන බවට ද පොලීසිය හා නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල් ලීටර් 4070 මිරිස්සෙන් අල්ලයි
ruwan Thursday, 28 July 2022 06:46 PM
මාස දෙකකට විතර රටට ඇති වෙන්න පෙට්‍රල් ත්‍රීවීල් දුවන අයියලාගේ ගෙවල්වල තියෙනවා .