IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩීසල් - භූමිතෙල් මිල ඉහළට

(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය. 



අදහස් (6)

ඩීසල් - භූමිතෙල් මිල ඉහළට

බද්රානි Saturday, 12 November 2022 02:48 AM

නියමයි!! භූමිතෙල් මිල තව ටිකක් ඉහල දමන්න ගිනි තියාගෙන මැරෙන්න. පස්ස උඩ දාගෙන කිරිබත් උය උයා නටපු නැටිල්ලට ඔහොම වෙලා මදි.

:       2       19

Soma dubayi Saturday, 12 November 2022 01:03 PM

පොඩි ගාණක්නේ වැඩිකරලා තියෙන්නේ.... රට දියුණු කරන්න කැප කිරීම් කරන්න අපි සූදානම්...!

:       15       2

Rexi Saturday, 12 November 2022 03:32 PM

සෝමා, ඇත්තටම ඩුබායි කියන්නේ නමේ කොටසක්ද? කොහොම වුණත් සෝමා ගොඩක් හම්බ කරන විදිහක් තමයි හිතෙන්නේ... ඒකනේ මේවා වැඩිකළාම සොච්චමක් කියන්නේ. ඒ වුණාට සෝමා සොච්චම, සොච්චම එකතු කළොත් ගොඩායි... සොච්චම සොච්චම හොරකම් කළොත් ගොඩායි....

:       0       5

NuwanSaturday, 12 November 2022 06:07 PM

ව්‍යංගාර්ථයෙන් කියනවා කියන දේ අහලා නැද්ද සිංහල භාෂාවේ... සෝමා කියලා තියෙන්නේ මේ වුණු දේ හොඳයි කියලා නෙවෙයි..

:       2       2

Rexi Saturday, 12 November 2022 03:41 PM

සෝමා ඉන්නේ මන්ද පෝෂණය තියෙන රටක වෙන්නැති. එතකොට පොඩි අයගේ ඇඟ කෙට්ටුවෙලා බඩගෙඩිය ලොකු වෙනවා. අර අපේ 225 ඉන්න තැන ඉන්න අයගේ ගොඩක් තියෙන්නේ...!

:       0       7

අනන්ද Sunday, 13 November 2022 09:38 PM

ඩීසල් මිල වැඩි විමෙන් සෑම භාණ්ඩයක්ම වැඩිවනු ඇත. පෙට්‍රල් මිල අඩුවීමෙන් පාරවල් ට්‍රැෆික් වලින් පිරීයනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site