(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 430 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 ක් ද, වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
සුපිරි ඩීසල් ලීටරයක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510 ක ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 370 ක ද, කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 ක ද, ලෙස තව දුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
ඉන්ධන මිල නොවැම්බර් මස තුළ නැවත සංශෝධනය කිරීමට අපේක්‍ෂා නොකරන බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි!! භූමිතෙල් මිල තව ටිකක් ඉහල දමන්න ගිනි තියාගෙන මැරෙන්න. පස්ස උඩ දාගෙන කිරිබත් උය උයා නටපු නැටිල්ලට ඔහොම වෙලා මදි.
පොඩි ගාණක්නේ වැඩිකරලා තියෙන්නේ.... රට දියුණු කරන්න කැප කිරීම් කරන්න අපි සූදානම්...!
ඩීසල් මිල වැඩි විමෙන් සෑම භාණ්ඩයක්ම වැඩිවනු ඇත. පෙට්‍රල් මිල අඩුවීමෙන් පාරවල් ට්‍රැෆික් වලින් පිරීයනු ඇත...