
(ඩයනා උදයංගනී)
මාස අටක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව මාර්තු 1 වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා මාස අටක කාලයකට අවශ්‍ය ඩීසල් සහ ජූනි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව මෙම සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කර ඇති විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ද හිමිව තිබේ.
ඒ අනුව එම ප්‍රසම්පාදන පිරිනැමීමට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනා දෙකකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd