
(යොහාන් භාසුර)
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් ද, දක්වා ඉහළ ගිය බවත් එම සංස්ථාව කියයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක තව දුරටත් නොවෙනස්ව පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල් - පෙට්‍රල් - භූමිතෙල් මිල ඉහළට
මාලිමාගැත්තා Tuesday, 01 July 2025 12:15 AM
මතකද මං වගේම කුණු ගැත්තන්ට, එක්කෙනෙක් කට උල් කරකර කෙප්ප කෙලපු හැටි එකෝමත් එක කාලෙක. පේට්රල් වලින් මේච්චර ලාබ ගන්නවා. ඩීසල් වලින් මෙච්චර ගන්නවා. අපි ආවත් සොච්චමට දෙනවා කියලා. කෑවා නේද ලණු බඩකට පිරෙන්නම. තාම ඉවර නෑ.
Sasanka Tuesday, 01 July 2025 12:54 AM
කෝ මේ ඩෝබිලා... එන්න එන්න අපුල්ලන්න.
Neel Tuesday, 01 July 2025 01:01 AM
වෙනස සැපද? සෝලා යුනිටි වලට ගෙවන ගාන අඩු කරලා, විදුලි බිල වැඩි කරලා, තෙල් මිල වැඩි කරලා, පොඩි අවුලක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඡන්දයක් එහෙම ළඟපාත නැහැ නේද..?
Nilantha Tuesday, 01 July 2025 04:49 AM
කියනකොට එහෙමට වුනත් මහ රජානෙණි මට වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වළකන්න බැහැ මැරුවත් මෙමා කියලා රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුවත් මිනිහා කිව්වලු
යෝගා Tuesday, 01 July 2025 04:58 AM
එක ඇමැතියෙක් දැන් සතියකට කලින් කිව්වා නේද තෙල් මිල වැඩි උනත් වැඩිවෙන්නේ උපරිම රුපියලකින් හෝ දෙකකින් කියලා? පච කීමේ හා පච වීමේ සීමාවක් නෑනේ. අනුර වගේම තමා.
මැක්ස් Tuesday, 01 July 2025 05:53 AM
අයියෝ කංචන දැන්වත් ඔබට ලැබෙන කොමිස් එක නවත්වා ජනතා හිතැති ආණ්ඩුවට සහාය දෙන්න...
ranjith Tuesday, 01 July 2025 06:06 AM
කියපු ඒවා කරන හැටි තමයි...!
Mangala Dissanayake Tuesday, 01 July 2025 08:45 AM
දැන් ඉතින් අනිත් හැම දෙයක්ම ඉතා ඉහළයි තමයි.... බයිලා ගහලා ආණ්ඩු ගත්තත් මහජනතාවගේ බෙල්ල මිරිකන එක තමයි කරන්නේ
anuranga Tuesday, 01 July 2025 09:05 AM
හොරකම් නොකර ඉතිරි කරන සල්ලි කොහෙටද යන්නෙ
අරුණිTuesday, 01 July 2025 12:43 PM
අනුරංග ඇයි ඔයාට පේන්නේ නැද්ද ඒ සල්ලිවලින් බඩුමිල බස්සලා, යටිතල පද්ධතිය තවත් නවීකරණය කරලා දැන් ජනතාව සතුටින් ඉන්න බව අවු 76 කට පස්සේ?
අරුණි Tuesday, 01 July 2025 11:33 AM
කියපු පචවලට අහුවුන බව තේරුනාට පස්සේ මිල රු 200කින් වැඩි වුණත් මිනිස්සු දැන් ඉස්සර වගේ නෙමෙයි.
ගුණරත්න Tuesday, 01 July 2025 01:04 PM
මාස දෙකකට ඇතිවෙන්න තෙල් තියෙනවා කියල තෙල් මිල වැඩි කරේ ඇයි ? කාංචනගේ කොමිස් එක වැඩි කරලද?
Hemantha Tuesday, 01 July 2025 02:39 PM
අරුණිට විතරක් බස්සපු පාටක් තියෙන්නේ.