
(යොහාන් භාසුර)
ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද, ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289 ක් ද, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 305 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් ද, දක්වා ඉහළ ගිය බවත් එම සංස්ථාව කියයි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක තව දුරටත් නොවෙනස්ව පවතින බව ද එම සංස්ථාව වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද මං වගේම කුණු ගැත්තන්ට, එක්කෙනෙක් කට උල් කරකර කෙප්ප කෙලපු හැටි එකෝමත් එක කාලෙක. පේට්රල් වලින් මේච්චර ලාබ ගන්නවා. ඩීසල් වලින් මෙච්චර ගන්නවා. අපි ආවත් සොච්චමට දෙනවා කියලා. කෑවා නේද ලණු බඩකට පිරෙන්නම. තාම ඉවර නෑ.
කෝ මේ ඩෝබිලා... එන්න එන්න අපුල්ලන්න.
වෙනස සැපද? සෝලා යුනිටි වලට ගෙවන ගාන අඩු කරලා, විදුලි බිල වැඩි කරලා, තෙල් මිල වැඩි කරලා, පොඩි අවුලක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඡන්දයක් එහෙම ළඟපාත නැහැ නේද..?
කියනකොට එහෙමට වුනත් මහ රජානෙණි මට වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වළකන්න බැහැ මැරුවත් මෙමා කියලා රජ්ජුරුවන්ට සුදු හකුරු හැදුවත් මිනිහා කිව්වලු
එක ඇමැතියෙක් දැන් සතියකට කලින් කිව්වා නේද තෙල් මිල වැඩි උනත් වැඩිවෙන්නේ උපරිම රුපියලකින් හෝ දෙකකින් කියලා? පච කීමේ හා පච වීමේ සීමාවක් නෑනේ. අනුර වගේම තමා.
අයියෝ කංචන දැන්වත් ඔබට ලැබෙන කොමිස් එක නවත්වා ජනතා හිතැති ආණ්ඩුවට සහාය දෙන්න...
කියපු ඒවා කරන හැටි තමයි...!
දැන් ඉතින් අනිත් හැම දෙයක්ම ඉතා ඉහළයි තමයි.... බයිලා ගහලා ආණ්ඩු ගත්තත් මහජනතාවගේ බෙල්ල මිරිකන එක තමයි කරන්නේ
හොරකම් නොකර ඉතිරි කරන සල්ලි කොහෙටද යන්නෙ
කියපු පචවලට අහුවුන බව තේරුනාට පස්සේ මිල රු 200කින් වැඩි වුණත් මිනිස්සු දැන් ඉස්සර වගේ නෙමෙයි.
මාස දෙකකට ඇතිවෙන්න තෙල් තියෙනවා කියල තෙල් මිල වැඩි කරේ ඇයි ? කාංචනගේ කොමිස් එක වැඩි කරලද?
අරුණිට විතරක් බස්සපු පාටක් තියෙන්නේ.