IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඩීසල් නැතුව පොදු ප්‍රවාහනයට අදත් බාධා

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් නොමැතිවීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයට අද (02) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි.

පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් සීමාවෙමින්  දිවයිනපුරා පෞද්ගලික බස්රථ 4500 ක් පමණක් ධාවනය වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ  සඳහා ඉන්ධන නිකුත් කරන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එසේ ඉන්ධන නොලැබුණ බවත් හෙතෙම කීවේය.

ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්ථා සහ බස් රථය එක් ගමනාන්තයකට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යාමට නොහැකි වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අද (02) දිනයේ වාර්තා වූ බවද හෙතෙම පැවසීය.

ඇතැම් බස් රථ වලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවත් මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.

බස්රථ රියදුරන් සඳහා දිනකට රුපියල් 2500ක් සහ කොන්දොස්තරවරුන් සඳහා දිනකට රුපියල් 1500 බැගින් වැටුප් ගෙවීමටවත් බස් රථ හිමියන්ට අදාදාම් නොමැති බවත්  හෙතෙම පැවසීය.

ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද විජේරත්න මහතා සඳහන් කළේය.

ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය වූයේ 1500කට අඩු සංඛ්‍යාවක් බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

පෞද්ගලික බස් රථ  සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවත් ලංගමයෙන් ඉන්ධන නොලැබුන බවත් ඔහු පැවසීය.

ඉන්ධන හිඟයට බලධාරීන් විසදුම් ලබා නොදුනහොත පොදු ප්‍රවාහන සේවා මුලුමනින්ම අඩපන වී මගී ජනතාව  දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කලේය.



අදහස් (0)

ඩීසල් නැතුව පොදු ප්‍රවාහනයට අදත් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site