(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අධිවේගී මාර්ගයේ නඩත්තු , සේවා කටයුතු  මෙන්ම රථවාහන රාජකාරි සිදු කිරීම සඳහා යොදවා තිබෙන වාහන සියයකට අධික ප්‍රමාණයක් ඩීසල් ඉන්ධන  නොමැතිවීම හේතුවෙන් ධාවනයෙන්  ඉවත්කර ඇතැයි  මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවැසීය 

              කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ,කොළඹ පිටත වටරවුම් මාර්ගය ,මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයන්හි ප්රවධාන පාලක මධ්යසස්ථාන වන සීදුව  ,ගැලණිගම ,අතුරුගිරිය මෙන්ම ඊට අමතරව  ප්ර්ධාන ලෙස වාහන අනුයුක්ත කර තිබෙන ,කුරුඳුගහ හැතක්ම පින්නදුව අඟුණකොළපැලැස්ස, සූරියවැව  මෙන්ම කඩුවෙල  ආදි මර්මස්ථාන වල  වෑන් රථ ලොරි රථ මෙන්ම කැබ් රථ ද ඩීසල් ඉන්දන නොමැතිවීම ඉන්දන නොමැතිවීම හේතුවෙන්  ධාවනයෙන් ඉවත් කර ඇත 

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවකයන් සහ  පොලිස් නිලධාරීන්  සිදු සිදුකරන සේවාවන්  පැට්රයල් ඉන්ධන භාවිතයෙන් යොදා ගන්නා වාහන වලින් මේ වන විට  සිදුකරන බව එම නිලධාරියා කීය 

  වාහන ඇතුළු කිරීම සහ පිට කිරීම සඳහා  තිබෙන හුවමාරු මධ්යමස්ථානවල
විදුලිය විසන්ධි වූ අවස්ථාවල  ස්වයංක්රීනය ගේට්ටු  ක්රිායාත්මක කිරීම සඳහා විදුලි උත්පාදන යන්ත්රය වලට ද   ඩීසල් ඉන්ධන නොමැති වීම ඉදිරි දින වලදී දැඩිව බලපානු ඇතැයි එම නිලධාරියා කීය