(සුජිත් හේවාජුලිගේ )
ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.
ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති.
කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර ඇත.
මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව තියෙනකන් එක ඩොලරයක් ලංකාවට එවන්නේ නෑ. සිම්පල්...! මිනිස්සුන්ට නොසෑහෙන්න වදදීලා තව නුඹලාට හොරාකන්න ඩොලරුත් එවපල්ලකෝ...! පිටරට ඉන්න අපි මෝඩයින් නෙවෙයි...!
මේකෙන් වෙන්නේ පිටරට වැඩ කරන මිනිසුන් සූරාකෑම. දේශපාලකයන්ට හා ඵලදායි වැඩක නොයෙදෙන රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ලබා දෙනවා. විදේශ රටවල වැඩ කරන ඩොලර් එවන මිනිසුන්ගෙන් ඉහළ බදු අය කරන්න යනවා වාහනයක් ගෙන්වන්න. මේක සාපලත් ආණ්ඩුවක්...
ඒ ක්‍රමය හොඳයි, හැබැයි ඒ වාහනවලට ඉන්ධන ගහන්න ඕනෙත් ඩොලර් වලින්... මොකද ඉන්ධන ගෙන්වන්නේ ඩොලර් දීලා...!
ඉතා හොඳ අදහසක්... වාහන පමණක් නොවයෙි, වෙනත් භාණ්ඩ ගෙන්වීමට අවසර ලබාදිය යුතුය...
තීරුබදු ඩොලර්... එතකොට වාහනේ ගෙන්නන්න රුපියල් වලින්ද ගෙවන්න කියන්නේ?
ප්‍රශ්නය ඒක නෙවෙයි... ඩොලර් දීලා වාහන ගෙන්වලා අපි විකුණන්නේ මොන මුදලටද? රුපියල් වලට විකුණලා ඇති වැඩේ මොකක්ද?