(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව මෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (12) ඉරාන රියාල් 994,055 ක් ලෙස සටහන් විය.

මීට සති දෙකකට පමණ පෙර පසුගිය 30 වැනිදා ඇමරිකානු ඩොලරයක විකුණූම් මිල ඉරාන රියාල් 1,360,000 ක් ලෙස සටහන් වූ අතර එය ඉතිහාසගත ආයුරින් ඉරාන රියාලය පහත වැටීමක් විය.

ඉරාන රියාල් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එලෙස ශීඝ්‍රයෙන් වැටීමත් සමඟ කිලෝමීටර් දහයක් පුරා පැතිර ඇති ටෙහෙරානයේ විශාලතම වෙළඳපොළ වන ග්‍රෑන්ඩ් බසාර්හි වෙළඳසැල් හිමියන් ව්‍යාපාර කරගත නොහැකිව සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළේය.

එය දින 15ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවල ආරම්භය විය.

මෙලෙස රියාලය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් ඉරානයට පනවා ඇති සම්බාධකත්, ඉරානය රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වී සිටීමත්ය.