
( යොහාන් භාසුර සහ විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 292 අගයක් දක්වා අද පහළ වැටිණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය.
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 285-292 දක්වා අගයක් ගනු ලැබීය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 272.0686 වූ අතර විකුණුම් මිල 282.4956 ලෙස සටහන් විය.


;

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්‍රේල් අවසාන වෙන්න කලින් ඩොලර් එක රුපියල් 400ට යනවා. මේ කාලකන්නි පොහොට්ටු ආණ්ඩුව ඉතාමත්ම ඉක්මණින් පන්නා දැමිය යුතුයි.
කබ්රාල් ගේ උපදෙස් අනුව විනිමය අනුපාතය USD එකට රු 200 මට්ටමේ ස්ථාවර කරන්න ගිහින් අපට ඩොලර් සංචිත අහිමි වීමත් අවුරුදු දෙකකට පසුව ඩොලරය පාවෙන්න ඉඩහැරීමෙන් රුපියල බලාපොරොත්තු වුණාටත් වඩා වේගයෙන් අවප්‍රමාණය වී ඇත. අද තෙල්, ගෑස්, කිරිපිටි වැනි අත්‍යාවශ්‍ය දේවල්වත් පිටරටින් ගෙන්වන්න ඩොලර් හිඟවුනේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය අනුගමනය කළ නිසයි. දැන් ඉතින් මොනවා කතාකළත් වැඩක් නෑ. රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වළක්වන්න කාටවත් බැහැ. අවප්‍රමාණය වීම කොතැනින් නවතීද කියලා කියන්නත් බැහැ. අපටමයි මේ වින්නැහිය...!
" ඩොලරය යයි ඉහළ හඳ අල්ලන්නද මන්දා... රුපියල මස්ත බාල්දුයි අනේ මේ හින්දා ... බඩුමිල අහස උසටම යයි මේ හින්දා ... හිඟා කන්න ගොස් ලොව දෙනවා නින්දා... "
හොඳටම කරපු හරිය තේරෙනවා නේද? දැන්නම් ඉවසුවා ඇති..!
වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ? සර් තොලොංචි වෙලා ගිය දවසට තමයි හරියන්නේ...!