
(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයකට හසුරුවා තිබෙන බව යැයි අබේවර්ධන මහතා කීය.
රටේ ජනතාව ජීවත් කරවන්න නම් සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යකර ඇතැයි ද ඒ විදේශ විනිමය රටට ලබාගැනීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණකියි ද වෘත්තීයවේදීන් පිරිසක් සමග කොළඹදී පැවැති සාකච්ඡාවකදී අබෙිවර්ධන මහතා සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකුවට වැඩේ දීලා හොරු නිදැල්ලේ ඉන්න එකම රටත් ලංකාව...
එහෙම පච ඇද බාන්න හොඳ නෑ. ලෝකයේ බොහෝමයක් රටවල් කොරෝනා නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපේ රටේ තමයි විපක්ෂයේ කියන අය රටට ප්‍රශ්න ආවාම රස කරකර භුක්ති විඳින්නේ... රටක් හැටියට නොසිතා පක්ෂයක් හැටියට හිතනතුරු ඒ ජනයා රටට වින කරනවා...
මෙයා අවංකවම ආණ්ඩුව විවේචනය කරනවද? නැත්නම් පාක්ෂිකයින් රවට්ටනවාද? මොකද්ද මෙයා තමයි පහුගිය ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කරන්න පෙරමුණ ගත්තේ... අර දිල්රුක්ෂි මැතිණියවත් අමාරුවේ දැම්මෙත් මෙයා තමයි. එක්සත් ජාතික පක්ෂයට මෙයා කොඩිවිනයක්...
අහන්න දෙයක්යෑ... 2014 ආර්ථික වර්ධනය 6.5 සමග බාරදීපු රට 2020 බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5ට බස්සලා රටට වැඩක් නොකර ට්‍රිලියන 7කුත් රට ණය කරලා. ඉතුරු ටික කොරෝනා වලින් බැස්සුවා. දැන් තොත්ත බබාලා වගේ කතාව...
මව්බිමේ පාපයට උපන් තවත් එක්කෙනෙක්... මුළු රටම ගඳගස්සනවා.
බොරුවම තමයි, ඇත්ත කියන එකෙක් හොයා ගන්න නෑ