(අංජුල මහික වීරරත්න)
ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් ඉතින් ගැහිල්ල පටන් ගන්න පුළුවන්.
රට ගොඩ ගැනීමට අවංක උත්සාහයක් තිබෙනවා කියා ජනතාවට ඔප්පු කළහොත් ඔවුන් ඔබතුමා පිළිගනීවි.ඒත්, පොහොට්ටුවෙ දූෂිතයන් හා එක්ව යාමෙන් එය ඔප්පු කළ හැකිද ? ඔවුන් හොරා කා බංකොලොත් කළ රට ගොඩ ගැනීමට IMF එකට ණය වීමට සිදු වුණා.ඒ ණය මුදල් ගෙවන්න වෙන්නෙත් ජනතාවට.හොරුන් හොරා කෑ දේ යළි ලබා දීමට කටයුතු කළ හැකි වුවහොත්,ඔබතුමා දිනුම්.එසේ නැතිව ඔබතුමා කොපමණ වෙහෙස ගත්තත් එයින් වැඩක් වෙන එකක් නැහැ.
මේ මනුස්සයා මේ ණය ගැන මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි කියන්වන්නේ. හරියටම නන්දලාල් වගේ. ඔය හම්බවෙන පලවෙනි වාරකෙන්, (මිලියන 330 න්) 200 දෙන්න ඕන නේද, බංගලි නය ගත්තුවට. ඩොලර් රේට් තව අඩු උනාම පිටරට මිනිස්සු ඩොලර් එවාවිද. දේශීය ණය ප්‍රතිව්‍යුහ කරන කොට ආර්ථිකේ 50% එහා සංකෝචනය වෙනවා නේද. කර්මාන්ත වැහිලා රස්සා නැති වෙලා මොනවයින් මොනවා වේවිද. ඊට හොඳ නැද්ද හරි ඩොලර් රේට් දීලා, මිනිස්සුන්ගේ ඩොලර් ලංකාවට ඇද ගන්න බැලුව නම්. මාස 6ක් මිනිස්සු ඩොලර් අල්ලගන හිටියොත් ඔය සේරම ඩොලර් හීන, ගඟට කපපු ඉනි වගේ නේද. අපේ සංවර්ධන ආකෘතිය තව තව ණයට අරං කන එකද. ඕකම කරන්න ගිහින් නේද මේ අවුරුද්දේ, දැනට පවුල් 21 පවුල් පිටින්ම සියදිවි නසා ගෙන තියෙන්නේ. ලංකාවේ ඉරණමත් ඒක නොවේවා කියන්න පුලුවන්ද අවංකවම. රටේ දරුවෝ 80% මන්දපෝශනෙන් පෙළෙද්දී ඩොලර් රේට් බේරාගෙන වැඩක් තියේද.
අවශ්‍ය සෑම ආනයන භාණ්ඩයක් සදහාම ප්‍රමිතියක් තිබිය යුතුවේ. එසේ නොවන්නට ඉන්දියාවෙන් සහ චීනයෙන් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සීමා ඉවත් කිරීමත් සමග රටට ගෙන්වනු ඇත.