හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබු තාවකාලිකව අත්හිටවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදල සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ට්විටර් පණිවුඩයක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ බව සඳහන් කර ඇත.
ඇමෙරිකානු එක්සත් ජනපදයේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයෙන් ශ්‍රී ලංකාවට එම ආධාර මුදල ලැබීමට නියමිතව තිබිණි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අප ඇතුළු කණ්ඩායම ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නෑෂ් සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එය ණයක් නෙමෙයි, ප්‍රදානයක්. අපි දෙසැම්බර් 17 වැනිදා ඊට අත්සන් කිරීමට නියමිතව තිබුණා. එහෙත් කුමන්ත්‍රණය නිසා එය නැවතුණා. ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි එය නැවත ලබාගන්න බලාපොරොත්තු වෙනවා”.
‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් නෑෂ් පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
මේ ආධාර මුදල යටතේ කොළඹ නාගරික කලාපයේ මාර්ග ජාල හා බස් පද්ධතිය වැඩි දියුණු කිරීම, බස්නාහිර පළාතේ වරාය හා වෙළෙඳපොළ හා මධ්‍යම පළාත අතර මාර්ග සබඳතා වැඩි දියුණු කිරීම, නාගරික හා අන්තර් පළාත් මාර්ගවල කිලෝමීටර 300ක් පමණ වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලී ගෙවලා ණයට ගන්න සල්ලි වලට ආධාර කියන්නේ අපිව රවට්ටන්නද?
මේ chandima , චීනෙට බර පොලී ගෙවල ණය අර ගෙන රටම චීනෙට උගස් කරලා ,අසරණ ජනතාව ඇන්දුවේ එදා චිනේ නිකම් දුන්න කියලා. මේක වංචාවක් ,රැවටීමක් නොවෙයි. ඒ වෙබ් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඇස් ඇරේවි.