(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි .

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායී මූල්‍යකරණය සුරක්ෂිත කිරීමට ඉඩ සලසමින් සැලකිය යුතු ණය සහනයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.