IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි

(යොහාන් භාසුර)

ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කන්ටේනර් අතර සීනි මොටි්‍රක්ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.

 



අදහස් (14)

ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි

iceberg slim Wednesday, 03 November 2021 10:08 PM

ජෝන්ස්ටා ළඟ ඩොලර් තියනවාලු ... ඒ ''ස '' ගෙන් ඉල්ලගෙන නිදහස් කරමු කන්ටේනර්, අපිට කිව්වේ ''එක පොකුරට '' ඉන්න නොවැ..

:       6       108

බද්රානි Wednesday, 03 November 2021 10:20 PM

අනේ අපිට ඔය කන්ටේනර්වලින් වැඩක් නැහැ... අර චීනේ අසුචි කන්ටේනර් ටික රට ඇතුළට ආවොත් ඒ හොඳටම ඇති. මොනවා වුණත් චීන්නු දන්නවා අපේ රටට අවශ්‍යම දේ නියම වෙලාවට දෙන්න.

:       40       112

ගොබ්බසේන Wednesday, 03 November 2021 10:31 PM

බොදුනුවන් යැයි කියා ගන්නා පාලකයින් සිටින භික්ෂූන් වැඩිපිරිසකගේ අනුග්‍රහය ලැබෙද්දී බුදුදහමට අනුව ආදායම් බෙදාගෙන කටයුතු නොකර ණයට හෝ අරගෙන ගිතෙල් කාපල්ලා කියූ නිගන්ඨනාථපුත්තගේ ඉගැන්වීම අනුව රටට කිසිසේත් ඔරොත්තු නොදෙන තරමින් ණයට ගෙන ලෝකයට සොබනේ පෙන්නන්න ගොස් මේ රටට මේ විනාශය සිදුවී ඇතැයි කිවහැකියි..

:       0       6

Perera Wednesday, 03 November 2021 11:46 PM

ඕන කරන ඩොලර් ටික අච්චු ගහන්නකෝ

:       0       4

Demuni Uduwara Thursday, 04 November 2021 03:15 AM

ජොන්ස්ටන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කණගාටු නොවන්න. ඔහු ඉක්මනින් සියලුම බහාලුම් නිදහස් කරනු ඇත!

:       0       8

ලුම්බිණි Thursday, 04 November 2021 04:39 AM

කබ්රාල් මහතාට රුපියල් අච්චු ගහනවා වගේ ඩොලර් අච්චු ගහන්න බැහැයි?

:       0       9

Charith Thursday, 04 November 2021 05:15 AM

රටේ සංචාරක කර්මාන්තය දියුණු වී මේ ප්‍රශ්ණ ඉක්මනින්ම විසඳේවා යන්න අපේ පැතුමයි. අපිට ඩොලර් ගෙනා විදේශ ‍රැකියා සහ සංචාරක ව්‍යාපාරය හරහා තමයි රට එදා වේල ‍ටුවර් එකක් ගහගෙන හිටියේ. කොරෝනාවෙන් එදාවේල ‍ටුවර් එක බිඳුනා. මේකට හේතුව අපේ රට විදේශ විනිමය හොයන දුප්පත්, මෝඩ ක්‍රම. ගෘහ සේවිකා වෙනුවට බුද්ධිමත් සේවා සපයන්නන් තමයි රට යවන්න ඕන. කෘශි ආර්ථිකේ මත හැමදාම ‍රැ‍ඳෙන්නෙ නැතුව දැන්වත් රට කාර්මීකරණය කරන්න ගන්න ඕන. දැන් ඔය පාරවල් හැදුව ඇති.

:       4       3

Sam Thursday, 04 November 2021 05:43 AM

මෙක ගසා කන්න හොඳ අවස්ථාවක් දේශපාලකයන්ට. ඩොලර් වල ඇත්ත වටිනාකම රුපියල් 230-240 වගේ. නමුත් ඩොලර් රුපියල් 203 පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දෙනව නම් 15-20% විතර ශුද්ධ ලාභයක් ව්‍යාපාරිකයන් ට ලබා දීමක්. මෙවැනි අවස්ථාවක විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන.

:       0       4

Hafeel Thursday, 04 November 2021 06:48 AM

අපේ කැබිනට් බලතල තියන කබ්රාල්ට පුළුවන් නේ අවශ්‍ය ඩොලර් අච්චු ගහල නිදහස් කරන්න.

:       0       6

ජගත් ලියනගේ Thursday, 04 November 2021 07:38 AM

මතක තියා ගන්න . "මම තමයි හොඳටම කරේ" .

:       0       10

මොට්ටපාල Thursday, 04 November 2021 09:59 AM

ඇයි ඩොලර් නැතිවුනේ. උත්තරය = ලැබෙන ආදායම් ඉක්මවා ගෙවීමට ක්‍රමයක් නැතුව ණය ලබාගැනීම නිසි සැලසුම් නැතුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතා හදුනා නොගැනීම ආදායම් මාර්ග ඇති නොකර වියදම් ඇති කිරීම ගමේ භාෂාවෙන් කියනවා නම් කලුබණ්ඩා හරකා හංවඩු ගැසුවා වගේ වැඩ කිරීම නිගන්ඨනාථ පුත්තගේ දහම පිලිපැදීම හේතුවී ඇත.

:       0       6

naushi Thursday, 04 November 2021 01:43 PM

අපේ මොළ හතේ මුදල් ඇමති එයින් එකක් පාවිච්චි කරලා ඩොලර් වලට විසඳුමක් ලබා දෙයි. බය වෙන්න ඕනේ නැහැ

:       0       4

fairoos Thursday, 04 November 2021 01:52 PM

ආණ්ඩුවට බනින්න එපා.

:       3       1

Deshapriya Thursday, 04 November 2021 02:44 PM

ඩොලර් තිබෙන්නේ කොයි කොයි දේසේ ඩොලර් තිබෙන්නේ බන්ගලි දේසේ ගෙනත් පුදන්නේ කොයි කොයි දේසේ ගෙනත් පුදන්නේ චිනගෙ දේසේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1887 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1730 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 645 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1288 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3238 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 11015 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site