
(යොහාන් භාසුර)
ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කන්ටේනර් අතර සීනි මොටි්‍රක්ටොන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 350 ක් පමණ ඇති බවත් රට තුළ පවතින සීනි හිඟයට ප්‍රධාන හේතුව වරාය තුළ ඇති සීනි කන්ටේනර් නිදහස් කර නොගැනීම බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩොලර් හිඟය හේතුවෙන් මීට පෙර ද අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ආනයනික භාණ්ඩ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් වරාය සිරවීමෙන් රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන්ස්ටා ළඟ ඩොලර් තියනවාලු ... ඒ ''ස '' ගෙන් ඉල්ලගෙන නිදහස් කරමු කන්ටේනර්, අපිට කිව්වේ ''එක පොකුරට '' ඉන්න නොවැ..
අනේ අපිට ඔය කන්ටේනර්වලින් වැඩක් නැහැ... අර චීනේ අසුචි කන්ටේනර් ටික රට ඇතුළට ආවොත් ඒ හොඳටම ඇති. මොනවා වුණත් චීන්නු දන්නවා අපේ රටට අවශ්‍යම දේ නියම වෙලාවට දෙන්න.
බොදුනුවන් යැයි කියා ගන්නා පාලකයින් සිටින භික්ෂූන් වැඩිපිරිසකගේ අනුග්‍රහය ලැබෙද්දී බුදුදහමට අනුව ආදායම් බෙදාගෙන කටයුතු නොකර ණයට හෝ අරගෙන ගිතෙල් කාපල්ලා කියූ නිගන්ඨනාථපුත්තගේ ඉගැන්වීම අනුව රටට කිසිසේත් ඔරොත්තු නොදෙන තරමින් ණයට ගෙන ලෝකයට සොබනේ පෙන්නන්න ගොස් මේ රටට මේ විනාශය සිදුවී ඇතැයි කිවහැකියි..
ඕන කරන ඩොලර් ටික අච්චු ගහන්නකෝ
ජොන්ස්ටන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කණගාටු නොවන්න. ඔහු ඉක්මනින් සියලුම බහාලුම් නිදහස් කරනු ඇත!
කබ්රාල් මහතාට රුපියල් අච්චු ගහනවා වගේ ඩොලර් අච්චු ගහන්න බැහැයි?
රටේ සංචාරක කර්මාන්තය දියුණු වී මේ ප්‍රශ්ණ ඉක්මනින්ම විසඳේවා යන්න අපේ පැතුමයි. අපිට ඩොලර් ගෙනා විදේශ රැකියා සහ සංචාරක ව්‍යාපාරය හරහා තමයි රට එදා වේල ටුවර් එකක් ගහගෙන හිටියේ. කොරෝනාවෙන් එදාවේල ටුවර් එක බිඳුනා. මේකට හේතුව අපේ රට විදේශ විනිමය හොයන දුප්පත්, මෝඩ ක්‍රම. ගෘහ සේවිකා වෙනුවට බුද්ධිමත් සේවා සපයන්නන් තමයි රට යවන්න ඕන. කෘශි ආර්ථිකේ මත හැමදාම රැඳෙන්නෙ නැතුව දැන්වත් රට කාර්මීකරණය කරන්න ගන්න ඕන. දැන් ඔය පාරවල් හැදුව ඇති.
මෙක ගසා කන්න හොඳ අවස්ථාවක් දේශපාලකයන්ට. ඩොලර් වල ඇත්ත වටිනාකම රුපියල් 230-240 වගේ. නමුත් ඩොලර් රුපියල් 203 පෞද්ගලික ව්‍යාපාරිකයන්ට දෙනව නම් 15-20% විතර ශුද්ධ ලාභයක් ව්‍යාපාරිකයන් ට ලබා දීමක්. මෙවැනි අවස්ථාවක විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන.
අපේ කැබිනට් බලතල තියන කබ්රාල්ට පුළුවන් නේ අවශ්‍ය ඩොලර් අච්චු ගහල නිදහස් කරන්න.
මතක තියා ගන්න . "මම තමයි හොඳටම කරේ" .
ඇයි ඩොලර් නැතිවුනේ. උත්තරය = ලැබෙන ආදායම් ඉක්මවා ගෙවීමට ක්‍රමයක් නැතුව ණය ලබාගැනීම නිසි සැලසුම් නැතුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතා හදුනා නොගැනීම ආදායම් මාර්ග ඇති නොකර වියදම් ඇති කිරීම ගමේ භාෂාවෙන් කියනවා නම් කලුබණ්ඩා හරකා හංවඩු ගැසුවා වගේ වැඩ කිරීම නිගන්ඨනාථ පුත්තගේ දහම පිලිපැදීම හේතුවී ඇත.
අපේ මොළ හතේ මුදල් ඇමති එයින් එකක් පාවිච්චි කරලා ඩොලර් වලට විසඳුමක් ලබා දෙයි. බය වෙන්න ඕනේ නැහැ
ආණ්ඩුවට බනින්න එපා.
ඩොලර් තිබෙන්නේ කොයි කොයි දේසේ ඩොලර් තිබෙන්නේ බන්ගලි දේසේ ගෙනත් පුදන්නේ කොයි කොයි දේසේ ගෙනත් පුදන්නේ චිනගෙ දේසේ...