
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතා ඩිලාන් පෙරේරා මහතාගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා එම නම ස්ථිර කළේය.
ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ නම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු යෝජනා කිරීමත්, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ස්ථිර කිරීමත් පිළිබඳව සතුටු වන බව ඩිලාන් පෙරේරා මහතා කාරක සභාව අමතමින් ප්‍රකාශ කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වැනි ආයතන කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවා පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට හොරෙක් .