(යොහාන් භාසුර)

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ්’ආසාදිත බවට තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ඒ මහතාට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඒ මහතා ආසාදිත බවට තහවුරු වී ඇතැයි ඒ මහතාගේ සමීපතයෙක් පැවසීය.

ඩිලාන් පෙරේරා මහතා ‘කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වේ.