(සිරිනිහාල් ගමගේ)
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බැව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
කොරෝනා ආසාධිත වයස අවුරුදු හතළිහක් පමණ වන කාන්තාවක් හා එම වයස් ප්‍රමාණයේ පිරිමි පුද්ගලයකු මෙසේ ඩෙල්ටා ප්‍රභේදයේ කොරෝනා ආසාධිතයන් බවට හඳුනාගෙන ඇත.
ඩෙල්ටා ප්‍රභේදයේ කොරෝනා ආසාධිත කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇගළුම් කම්හලක සේවකයකුගේ බවත් ඔහුට හා ඔවුන්ගේ වයස අවුරුදු හයක පිරිමි දරුවාට හා වයස අවුරුදු නවයක් වන ගැහැණු දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බැව පැවසේ.
මේ අය අතුරින් අදාල කාන්තාවගේ රෝගී තත්වයේ වෙනසක් තිබීම නිසා එම කාන්තාව ඩෙල්ටා ප්‍රභේදය හදුනා ගැනීමේ විශේෂ පරීක්ෂණ සදහා යොමුකොට ලබාගත් වාර්තා අනුව තහවුරු කරගත් බැව් සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
ඩෙල්ටා ප්‍රභේදය ආසාධිත පිරිමි පුද්ගලයාගේ බිරිද පෙර සදහන් ඇගළුම් කම්හලෙහිම සේවය කරන බවත් එම පුද්ගලයාගේ බිරිද දරුවා හා ඔවුන් සමග වාසය කරන පියාට හා මවටද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බද්දේගම තියෙන මේ ඇඟළුම් කම්හල සෞඛ්‍යාරක්ෂිත නැති බවට ප්‍රසිද්ධයි. ඒ ගැන සොයා බැලුවොත් හොඳයි. බද්දේගම අනතුරේ හෙළලා තියෙන්නේ මේ කියන කම්හල.
බද්දේගම අවදානම මීට කලින් හඳුනාගෙන තිබුණත් රජයයන් කිසිම තීරණයක් ගත්තේ නෑ. දැන් ඩෙල්ටා රට පුරා යනවා. ලැම්ඩාත් ඇවිල්ලාද කියලා බලමු. එයා විතරයි තවම අඩු. අනේ මන්දා මේ ආර්ථිකේ?
මම නම් හිතන්නේ මේ වෛරස සාමාන්‍ය වයිරසයෙන්ම ඕනෑම කෙනෙක් තුළ ඇතිවෙනවා වියහැකියි. ඔය ඇඟලුම් කම්හලේ අයට කාලයක් තිස්සේ වෛරසය කැරකුණා. එහෙම නම් නව වෛරසය ආවේ කෙසේද?