
(යොහාන් භාසුර)
ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය.
අද පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.
කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවත් එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති බවත් ජනාධිපතිවරයා කීය.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහකාර ලේකම්වරියගෙන් ඉල්ලා සිටියේය.
කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් සහකාර ලේකම්වරිය ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රසංශා කළේය.
ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන්නාය.
සහකාර ලේකම් ඩොන් ලු, ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි, දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශප්‍රේමීන්ට දැන් සැපද?
විමල්ට නම් දැනගන්න තියන්න එපා මල්ලි...
ඌරගෙ මාළු ඌරගෙ ඇඟේ තියලම කපන්න යනවා වගේ... උන්ගෙ සල්ලි ටිකත් ඉවරයි.
සිංහල ජාතියට නිවැරැදි ආධ්‍යාත්මික මග පෙන්වීම නොදෙන සිංහල ජාතියේ එකමුතු බව ඇති කිරීමට මැදිහත් නොවන සිල් පද පහම කඩන අයට පයින් ගසාම එළවමු.
තරගයට කරළියට ගෙනාපු 69 ලක්ෂයේ කට්ටියට වහ තමයි දැන් කන්න වෙලා තියෙන්නේ... !!!
දේශපාලුවන්ට අත පෙවීමට නොහැකිවන සේ බලවත් රාජ්‍ය මෙම වැඩපිළිවෙලට මැදිහත් වනු ඇත. පිටරටවල වෙසෙන දකුනේ අපට මෙවැනි දෙයක් කිරීමට නොහැකි වනුයේ අපේ දේශපාලුවන් සහ ඔවුන්ගේ බත් ගොට්ටන් නිසායි. අප එවන මුදලින් විශාල ප්‍රතිශතයක් දේශපාලුවන් සහ ඔවුන්ගේ බත් ගොට්ටන්ගේ සාක්කුවලට යැවීමට අපට අවශ්‍යතාවයක් නැත.
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලුණාලු...
මිනිස්සු රවටන එක දැන්වත් නවත්වන්න. ඔය ප්‍රෝඩා නිසා මිනිස්සු නන්නත්තාර වෙලා තියෙන්නේ. මිනිස්සු මැරිලා තියෙන්නේ. තියෙන පව්වලට තවත් පව් සම්භාරයක් මුළු පවුලම එකතු කරගෙන තියෙන්නේ. යන්නේ අපායටයි...
තමන්ගේ බලය තියාගන්න ඕනම දෙයක් කරන්න සූදානම්...!!!
69 ලක්ෂය පත් කලේ ජාත්‍යන්තරයට බය නැති, කෙලින් වැඩ කරන නායකයෙක්. අද මෙහෙම වෙන්න පුළුවන්ද? මේ කතාව අද රනිල් හෝ සජිත් හෝ කිව්වා නම්, අද අපේ විමල්ගේ කටින් පිටවෙන්නේ ඔන්න රට පාවා දුන්නු දේශද්‍රෝහීන් කියලා. අපේ මාතෘභූමිය බේරාගන්න පෙරට ඉන්න කියලා...
ඩයස් පෝරාව සමග මොන බම්බුවක් කතා කරන්නද මහත්තයෝ? මොකක්ද මේ ඇමරිකන් උන්දැට ඩයස්පෝරාව ගැන තිබෙන කැක්කුම? ඩයස්පෝරාව සමග මම වාදකලේ 2007 කාලේ. ෆින්ලන්තයට පැන්න ඩයස්පෝරාව ෆීනිෂ් කතා කොරන්න පුළුවන්නම් ඇයි මොවුන්ට සිංහල කතා කරන්න බැරි? ජනාධිපතිතුමනි, තෙසේවලම් නීතිය ඉවත් කරන්න... නැතිනම් රටේ අනික් කොටස් වලට සිංහලයින්ගේ ඉඩම් වෙනකාටවත් ගන්න බැරි විදිහට නීති සකසන්න. හිස් අතින් රටට ආපු හම්බයින් සින්හලයින්ගේ ඉඩම් අයිති කරගෙන. අපිට ජාතිවාදී තියන සිංහලයින් මේවා දකින්නේ නැහැ.
සාකච්ඡා කිරීමේ වරදක් නෑ. ඒත් ඇත්තම තත්වය නම් නරියෙක්ට සිංහ මූණක් දාලා මිනිස්සු ඉස්සරහට ගෙනවා. නරියත් සිංහයා වගේම රඟපෑවා... මිනිස්සුත් ඇන්ඳුනා. රාජපක්ෂලා හැමදාම කළේ මේදේ තමයි...