IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩයලොග් යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

සමාජිය සහ ආර්ථික ගැටලු හමුවේ මෙරට කාන්තාවන්ට අත්‍යවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් සලසමින් ඔවුන්ට සවියක් වන මෙරට ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය වන යෙහෙළි යාවත්කාලීන කිරීමට ඩයලොග් ආසිආටා පීඑල්සී කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අඛණ්ඩව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව Yeheli.lk  මෙලෙස නවමු වෙනසකින් යුතුව යාවත්කාලීන කෙරෙන බව ඩයලොග් පරිශීලකයන් වෙත දැනුම් දෙයි.

මෙරට කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ගැටලු හමුවේ, ඔවුන්ට අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය රැකවරණය සැලසීමේ අරමුණින් ඩයලොග් විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. කාන්තාවන් මුහුණ පාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථාන තුළ සිදුවන මානසික පීඩා සේම, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අඩුවීම ආදිය වර්තමානයේ තීරණාත්මක සමාජීය ගැටලු බවට පත්ව තිබේ. එවැනි ගැටලු හමුවේ, මෙරට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අවකාශයක අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් මෙය දියත් කෙරිණි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය රැකවරණය සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවද මෙමගින් සපුරාලීම අපේක්ෂාවයි. 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා නොමිලේ සහය සලසන මෙම අඩවිය වටා මේ වන විටත් 500,000 කට අධික පරිශීලක සංඛ්‍යාවක් එක්රොක් වී සිටිති. එලෙස එක් වන පරිශීලකයින්හට අපයෝජන, පුද්ගල සම්බන්ධතා ආශ්‍රිත ගැටලු, පවුල් සැලසුම් හා ලිංගික සෞඛ්‍යය ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙන්ම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් ගැටලු පවතින අවස්ථාවක, අන්තර්ජාලය ඔස්සේ විශේෂඥ සහය ලබා ගැනීම සඳහා සුරක්ෂිත අවකාශය මින් අඛණ්ඩව සලසයි.

මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කොට යළි දියත් කිරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.

“යෙහෙළි මෙරට කාන්තාවන්ගේ ජීවිත අලෝකමත් කිරීමට සංවේදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින්, ඒවා සම්බන්ධයෙන් මෙම සුරක්ෂිත වෙබ් අවකාශයෙන් නිසි මග පෙන්වීම් හා උපදෙස් ලබා දෙමින් අත්‍යවශ්‍ය සහය සලසනවා. අපි බරපතළ සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, මෙම වෙබ් අඩවිය මෙරට ආර්ථිකයට අත්වැලක් වීමට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කැප වන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව, වෙබ් අඩවිය මෙලෙස නැවත දියත් කිරීම, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයන් භාවිතා වන සමාජයක් බවට පත් කිරීමේ කිරීමේ අපගේ දැක්ම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක්.”

 



අදහස් (0)

ඩයලොග් යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site