(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11) නියෝගක් නිකුත් කළේය.
මෙම තහනම මේ මස 17 වනදා තෙක් සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් මගින් දැනුම් දීමට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ වුණේ...
සංචාරක ඇමතිනියට සංචාර තහනම්...
හරි වැඩේ උනේ දැන් ඉතිං කොයි පැත්තට පනින්නද මන්දා. හොර, බොරු, වංචා, කවදා හරි එලියට එනවා. තවත් ඉන්න මෙවැනි අයට හොඳ පාඩමක් මේක. ඔහොම යමු.
වැඩේ අප්සෙට් වේගෙන එනකොට මේ එංගලන්තයට පනින්නයි ලැහැස්තිවෙලා ඉඳලා තියෙන්නේ.