(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ නඩුව කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) නියෝග කළේය.
ඒ අනුව මෙම පැමිණිල්ල ලබන දෙසැම්බර් මස 15 වැනිදා යළි කැඳවන ලෙසත්, එදිනට සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ඉන්නකම් ඔව විසදල දඩුවම් ලැබෙන්නෙ නැහැ.
තවත් හොඳ නාටකයක් රඟදක්වන වගයි...
දැන් ඇය අනෙක් පැත්තට යාමට හේතුව පැහැදිලිය.
ඩයනා ගමගේ කියන්නේ රනිල්ගේ ගජමිතුරු දයා ගමගේ ගේ සහෝදරියක් කියනවා ..රනිල් ඉන්නකම් අවුලක් වෙන එකක් නැහැ. තාක්ෂණය දියුණු ලෝකයේ ද්විත්ව පුරවැසිකම හොයන එක ඒ හැටි දෙයක් නෙවෙයි .ලන්කාවේ දූෂිත දේසපාලුවන් ඉන්නකම් කිසි දෙයක් හරියට වෙන්නේ නැහැ.
සූකිරි කෑල්ල පවු
මෙයාගෙත් කට විතරයි .රට වෙනුවෙන් කල හැකි කිසිම දෙයක් පිලිබඳ අවභෝධයක් නැහැ
යකෝ මුන් තරම් හොරු. රට හදන්න නීතී හදන තැන ඉන්නෙම හොරු. පුදුම රටක්. දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා. හොරුන්ට කියන තවත් නමක් වෙලා දෙසපාලකය. කව්ද ඉතිං මේවාට දඬුවම් දෙන්නේ.
මේ තක්කඩි ඩයනා සජිත්ගේ පිහිටීන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෝඩ පච හල හල මිනිස්සුන්ව හිනස්සනවා .අනේ පාර්ලිමේන්තුවට ගිය කලක්.මේ මෝඩ අය නැතුව කොච්චර උගත්තුද ඕකේ ඉන්න ඕන.ඔය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් පන්නලම දාන්න.
නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අධිකරණ නියෝගයක් තිබෙනවා නම් ඔය විස්තර සියල්ල ආගමන විගමන කන්තෝරුවේ තිබෙන පරිගණකයෙන් විනාඩි කීපයක් ඇතුළත සොයාගෙන, දවසක්, දෙකක් තුළ සහතික පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕකට දෙසැම්බර් මාසෙ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ.