IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

(ටී.කේ.ජී.කපිල)

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රී පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඊයේ දින සවස 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඒ.- 330 එයා බස් වර්ගයේ   මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සිට තිබේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු , ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම නිසා යළිත් ආපසු හරවා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ දින රාත්‍රී 07.33 ට ගොඩ බස්වා තිබේ .

ඉන්පසුව එම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් , ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කර තිබේ .

මෙම ගුවන් යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදු කරමින් ශ්‍රී ලන්කන් ඉංජිනේරුවරුන් පිරිසක් අලුත්වැඩියා කරමින් සිටිති .

මෙම ගුවන් යානය වෙනුවට , ඒ.- 330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා මෙම මගීන් පිරිස අද (22) දින පෙ.ව 11.33 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .



අදහස් (5)

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි

අමා Saturday, 22 April 2023 02:00 PM

දුම්රියට තියන ලෙඩේ, දැන් දැන් මේකට බෝවෙලා. තව ටික දවසකින් නැව්වලට බෝවෙයි. සහෝදරයෝ ඉන්නවානේ...

:       5       20

අප්පුහාමි.... Saturday, 22 April 2023 02:47 PM

ජීවිත බිල්ලට නොදී ශ්‍රී ලන්කන් ගැන තීරණයක් ගැනීම කඩිනමින් කළ යුතුව ඇත. මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය විදේශ සමාගමකට ලබාදීම උචිතය.

:       1       20

පිටිගල මිලානෝ Saturday, 22 April 2023 04:46 PM

නිතර නිතර ප්ලේන් බ්‍රේක්ඩවුන් වෙනවා කියන්නේ අදාල කොටස් වල සර්විස් එක අවම නියමිත කාලයේ නොකර උපරිම කාලය දක්වා කල්මැරීමයි. මීට හේතුව මුදල් නැතිකම නිසාම අමතර කොටස් වැඩිකලක් පවත්වා ගැනීමයි. මෙය මාරාන්තික සෙල්ලමකි.

:       0       13

Jagath Wickramasekara Saturday, 22 April 2023 08:32 PM

ජෙප්පන්ගේ වැඩ...!

:       9       4

PereraSunday, 23 April 2023 01:11 AM

ඔව් ඔව් අරගලකාරයෝ තමයි ඕකටත් වගකියන්න ඕනි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site