IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩිපෝ ලොක්කන්ට රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

ලංකා ගමනාගමන  මණ්ඩලයේ සියලුම  ඩිපෝ  ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ එසේ නොකරන ඩිපෝ කළමනාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී   තීරණයක් ගන්නා බවයි.

රට පුරා ලංගම බස් ඩිපෝ එකසිය හතක් ක්‍රියාත්මක වේ.

මින් ලාභ ලබන තත්වයේ පවතින්නේ ඩිපෝ  60ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි.

මේ අතර නව රජය බලයට පත්වීමෙන් පසු ලංගම  ඩිපෝ කළමනාකරුවන් විස්සකට ආසන්න පිරිසක් ඉවත් කර වෙනත් පුද්ගලයන් පත් කළ බවද  නියෝජ්‍ය මාධ්‍යවරයා පැවසීය.

ලංගම ඩිපෝ ලාභ   ලබන තත්වයට පත්කර ගැනීම සඳහා ඩිපෝ කළමනාකරුවන්ට ලොකු කාලයක්   දුන්  බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය.



අදහස් (3)

ඩිපෝ ලොක්කන්ට රතු එළියක්

ගුණරත්න Friday, 25 April 2025 05:47 PM

බු හා හා හා, ඔය ඩිපෝ වලින් එකක් දෙකක් ලාභ ලබාවි, අනිත් ඒවා ලාභ ලබන්න නම් ඉන්න සේවකයෝ ටික අස්කරලා දාන්න ඕනෑ.. මේ නැතිව ලාභ ලබනවා කියන්නේ හීනයක්...

:       0       1

අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:25 PM

අනිවාර්යයෙන්ම! සුදුසුකම් නැති දේශපාලන හෙංචයියන් අරක්ගත් තැනක් තමයි ලංගම කියන්නේ, ඒ නිසා ඒක ශුද්ධ කරලා ජනතාවට හිතැති රටට වැඩ ඇති තැනක් බවට ඒක පත් කරන එක නියෝජ්‍ය ඇමැතිගේ වගකීම වනු ඇත...

:       0       4

Leelarathna Sunday, 27 April 2025 05:41 AM

ලංගමේ ආරම්භයේ සිටම සිදුවුනේ පත්වෙන රජයේ වෘත්තීය සමිතියේ කෙරුමෙක් හැමදාම DS බවට පත්වීම නිසා පාඩුවට පත්වුනා. ඩීසල් නාස්තිය උපරිමයෙන් වුනා. පෙරදින හවස ටැංකියට පිරින්න ගහල බිමටත් ගලායාමටත් ඩීසල් ගහල ගෙනයන බසය කිලෝමීටර් තිහ හතලිහක් ධාවනය කලත් පසුදාත් නැවත ඩීසල් ගහන්නේ අතරමගදී පුද්ගලික බසයට සියලුම ඩීසල් පොම්ප කරන නිසා කියල දන්නෝ කියනවා. ගරාජයේ ඉංජිනේරුවන් වුනත් මිකැනික්ලා වුනත් බසයේ සේවක දෙපලගෙන් සන්තෝසම් නැත්නම් සුලුහෝ අලුත්වැඩියාවක් කරන්නෙම නැහැ. මගීන් හැටියට ලංගොම ගැන කිව්වොත් පිරිසිදු ඇදුමක් ඇදගෙන යන්නම බැරි අපිරිසිදුම බස් තියෙන්නෙ ලංගොම තමයි .ඒවා කිසිදාක හෝදනවා කියලා හිතෙන්නෙම නැතෝ.සභාපතිබ්‍රෝ අහම්බෙන් පරික්ෂාවක් කරලම සත්‍යම තත්වය වටහාගන්න ඒවට මෙතෙක් ගියාවගේ දැනුම්දීම කරල යන්න එපා (ලංගමට හානි කරපු බොහෝදෙනෙකුගේ පවුල්වලට නම් විනාශයක්ම වෙලා තියෙනවා දැකල තියෙනවා බොරුනම් සමීක්ෂණයක් කරල බලන්න අපිනම් එහෙම කරපු අයගෙ දරුවන්ගේ දරුවන්ටවත් යහපතක් වෙලා නැහැ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site