
(නිමල් ජයරත්න)
අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩුපාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා හැබැයි හොඳ දේ කතාකරන්න ඉන්න පිරිස අඩුයි, නමුත් රජය වගකීමක් හැටියට අරගෙන තියෙන්නෙ මල්වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක් බව අරලිය සමූහෝ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.
රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් අඩුපාඩු කම් සිදු කරනවා, රාජ්‍ය නිලධාරීන්ගේ කායික හා මානසික තත්ත්වය ගොඩනැගීම ද අපේ යුතුකමක් වෙනවා, හැබැයි ඇමතිතුමා මේක ජනාධිපතිතුමාටත් කියන්න ඕනේ නැත්නම් මම හරි කියනවා, මම දැන් සති දෙක තුනක ඉඳලා ප්‍රවෘත්තියක් දකිනවා අපේ බැංකු පිළිබඳව, රටක අපි ශක්තිමත් වුණොත් පමණයි රජයට මේ වගේ සංවර්ධන වැඩපිළිවෙළවල් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. අපි මේවා කරා කියලා බදු සහන දෙන්නෙත් නෑ, රටක යහපත් සංවර්ධනයක් ඔබතුමාගේ නායකයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒක කරන්නත් ඕනේ. පහුගිය කාලවලදී බැංකු වලින් ලබාදීලා තියෙන ණය වර්ග කිරීමේ දී, සියයට අසූ හයක් ණය දීලා තියෙන්නෙ වාහන මිලදී ගන්නයි, රත්තරන් බඩු උකස් අරවා ගන්නයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණ වැඩසටහන යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ට ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩඩ්ලි සිරිසේන මහත්තයලාට තේරෙන දෙයින් අබැටක් තරම් දෙයක් මේ ටී. බී. සරත්ලා වැනි ජවිපාවුන්ට නොතේරේ. එය රටේ කරුමයයි. ඔවුන් වැනි ජවිපෙ කාඩරයින් දන්නේ වැව්වලට බැස ජපන් ජබර ගැලවීම වැනි ඇමතිවරයකුට ගැලපෙන වැඩ නොවේ. එසේත් නැත්නම් පොලොන්නරුවේ යම්කිසි ඓතිහාසික ස්ථානයකට අහසින් එනවා යැයි කියන යූ එෆ් ඕ සුද්දන්ට පෙන්වා සල්ලි හම්බ කළ හැකියි වැනි මෝඩ කතා කීමට පමණි.
අයියත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ රීරි මාන්සේ කාලා දැන් එනවා වැදි බණ කියන්න...
තහනම් වචනය "සම්බා සහ කීරි සම්බා "
අපි නොදන්න ඩඩ්ලි. හාල් මාෆියා කාරයාගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා...