IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩඩ්ලි, ආණ්ඩුවේ හොඳ නරක දෙකම දකී

(නිමල් ජයරත්න)

අපි දේශපාලනය කරලා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු, මේ ආණ්ඩුව මීට අවුරුද්දකට පෙර ගත්ත තීන්දුවක ප්‍රතිඵල අපට පේනවා. හැබැයි මදි, අඩුපාඩු කතා කරන්න හුඟක් අය ඉන්නවා හැබැයි හොඳ දේ කතාකරන්න ඉන්න පිරිස අඩුයි, නමුත් රජය වගකීමක් හැටියට අරගෙන තියෙන්නෙ මල්වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක් බව අරලිය සමූහෝ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.

රජය දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් අඩුපාඩු කම් සිදු කරනවා, රාජ්‍ය නිලධාරීන්ගේ කායික හා මානසික තත්ත්වය ගොඩනැගීම ද අපේ යුතුකමක් වෙනවා, හැබැයි ඇමතිතුමා මේක ජනාධිපතිතුමාටත් කියන්න ඕනේ නැත්නම් මම හරි කියනවා, මම දැන් සති දෙක තුනක ඉඳලා ප්‍රවෘත්තියක් දකිනවා අපේ බැංකු පිළිබඳව, රටක අපි ශක්තිමත් වුණොත් පමණයි රජයට මේ වගේ සංවර්ධන වැඩපිළිවෙළවල් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. අපි මේවා කරා කියලා බදු සහන දෙන්නෙත් නෑ, රටක යහපත් සංවර්ධනයක් ඔබතුමාගේ නායකයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒක කරන්නත් ඕනේ. පහුගිය කාලවලදී බැංකු වලින් ලබාදීලා තියෙන ණය වර්ග කිරීමේ දී, සියයට අසූ හයක් ණය දීලා තියෙන්නෙ වාහන මිලදී ගන්නයි, රත්තරන් බඩු උකස් අරවා ගන්නයි.

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණ වැඩසටහන යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ට ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

 



අදහස් (4)

ඩඩ්ලි, ආණ්ඩුවේ හොඳ නරක දෙකම දකී

මැක්ස් Wednesday, 29 October 2025 06:44 PM

ඩඩ්ලි සිරිසේන මහත්තයලාට තේරෙන දෙයින් අබැටක් තරම් දෙයක් මේ ටී. බී. සරත්ලා වැනි ජවිපාවුන්ට නොතේරේ. එය රටේ කරුමයයි. ඔවුන් වැනි ජවිපෙ කාඩරයින් දන්නේ වැව්වලට බැස ජපන් ජබර ගැලවීම වැනි ඇමතිවරයකුට ගැලපෙන වැඩ නොවේ. එසේත් නැත්නම් පොලොන්නරුවේ යම්කිසි ඓතිහාසික ස්ථානයකට අහසින් එනවා යැයි කියන යූ එෆ් ඕ සුද්දන්ට පෙන්වා සල්ලි හම්බ කළ හැකියි වැනි මෝඩ කතා කීමට පමණි.

:       0       0

Kr Wednesday, 29 October 2025 08:00 PM

අයියත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ රීරි මාන්සේ කාලා දැන් එනවා වැදි බණ කියන්න...

:       1       3

Jayasekara Thursday, 30 October 2025 11:24 AM

තහනම් වචනය "සම්බා සහ කීරි සම්බා "

:       1       5

ගමේ එකාලා Thursday, 30 October 2025 06:05 PM

අපි නොදන්න ඩඩ්ලි. හාල් මාෆියා කාරයාගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site