IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවෙලා

 

(යොහාන් භාසුර)

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් පසුගිය සතියේ පමණක් ඩෙංගු රෝගීන් 1200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පසුගිය වසරේ මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් 20000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වාර්තා වී ඇති බවත් මෙම වසරේ ඩෙංගු රෝගීන් 60000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. 

ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 36ක් අධි අවධානම් ඩෙංගු කලාප ලෙස නම් කර ඇති පසුබිමක් තුළ මෙවැනි වර්ධනයක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (0)

ඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site