IMG-LOGO

ඩෙංගු බෝ කළ පාසල් 185ක් රාජ්‍ය ආයතන 221ක් සොයාගනී

(සුජිත් හේවාජුලිගේ)

මදුරු කීපයන් බෝ වන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221  සොයාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු මදුරු කීටයන් සිටි පාසල් 35ක් සහ ඩෙංගු මදුරුවන් සිටි රාජ්‍ය ආයතන හතළිස් එකක්ද සොයාගත් බව එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.

ඩෙංගු මර්දන සතියේ පස්වැනි දිනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් ඇය මෙසේ කීවාය.

මේ කාලයේදී රට පුරා විවිධ පරිශ්‍ර එක් ලක්ෂ 111031ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඩෙංගු කීටයන් බෝවිය හැකි සේ පවත්වාගෙන ගිය පරිශ්‍ර 26625ක් මෙහිදී හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. මදුරු කීටයන් සිටි ස්ථාන 3357ක්ද මෙහිදී සොයාගෙන ඇත.

ඩෙංගු පැතිරවීම සම්බන්ධයෙන්  පරිශ්‍ර 73ක හිමිකරුවන්ට එරෙහිව  නීතිමය කටයුතු කර ඇතැයි සමරවීර මහත්මිය පැවසුවාය.



අදහස් (0)

ඩෙංගු බෝ කළ පාසල් 185ක් රාජ්‍ය ආයතන 221ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site