IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඩී එෆ් සී සී බැංකුවෙන් වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට මූල්‍ය සහන

කොවිඩ්-19’ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සහන රැසක් ලබාදීමට ඩී.එෆ්.සී.සීබැංකුව තීරණය කර ඇත.
 
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නියෝග සහ සහන මාර්ගෝපදේශ යටතේ සිය ගනුදෙනුකරුවන්ට එම සහන ලබාදෙන බව ඩී.එෆ්.සී.සී. බැංකුව සඳහන් කරයි.
 
තාවකාලික අයිරා, ආනයන හා අපනයන ණය වෙනත් කෙටිකාලීන ණය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 25 වැනි දිනට කල් ඉකුත් වීමට තිබූ ස්ථීර අයිරා පහසුකම් සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීම, නවැත ලබාදුන් චෙක්පත් සහ නැවතුම් ගෙවීම් ගාස්තු සැප්තැම්බර් 30 දක්වා නොකරගැනීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, සංචාරක, අපනයනය ආශ්‍රිත සෘජු හා වක්‍ර ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ, වැවිලි සහ ඒ හා සම්බන්ධ ව්‍යාපාර සඳහා සහන කාලය මාස 6 දක්වා දීර්ඝ කිරීම, ව්‍යාපාර අංශය සඳහා කාරක ප්‍රාග්ධන ණය පහසුකම් වාර්ෂිකව සියයට 4ක පමණ අඩු පොලී අනුපාතයකට ලබාදීම යනාදී සහන ක්‍රියාමාර්ග ගෙන ඇත.
 
ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවුම් දින වකවානු මැයි 11 දක්වා දීර්ඝ කිරීමටත් සැප්තැම්බර් 30 දක්වා ප්‍රමාද ගාස්තු අය නොකිරීමටත් එමෙන්ම ක්‍රෙඩිට් කාඩ්පත්වල අවම ගෙවීම සැප්තැම්බර් 30 දක්වා සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු කිරීම, ත්‍රීරෝද රථ, පාසල් ළමයින් ප්‍රවාහන රථ, යතුරුපැදි සහ කුලී රථ සඳහා ලීසිං වාරික ගෙවීමේ කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීම, රුපියල් ලක්ෂ 10 දක්වා වූ ලීසිං පහසුකම් සහන කාලය මාස 3 දක්වා දීර්ඝ කිරීම, මාර්තු 31 වන දින දක්වා මුදා නොගත් උකස් භාණ්ඩ සඳහා සහන කාලය මාස 6 දක්වා දීර්ඝ කිරීමටත් ඩී.එෆ්.සී.සී. බැංකුව පියවර ගෙන ඇත.
 
ඉහත සහන ලබාගැනීම සඳහා තමන් සුදුසු යැයි හැඟෙන ඩී.එෆ්.සී.සී. බැංකුවේ ගනුදෙනුකරුවන් 2020 අප්‍රේල් 30 දින හෝ ඊට පෙර විධිමත් අයුරින් සකස් කළ ලිපියක් මඟින් අදාළ සහන සඳහා ඉල්ලීම් කළ යුතු යැයි ද ඩී.එෆ්.සී.සී. බැංකුව දැනුම් දෙයි. 
 
 
055



අදහස් (1)

ඩී එෆ් සී සී බැංකුවෙන් වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට මූල්‍ය සහන

K.D.J.Chirantha Friday, 01 May 2020 02:46 PM

ඔබගේ ආයතනය සමග ගනුදෙනු නොකරන වයපාරිකයින්ටද මේ අවස්ථාව ලබාදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 546 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site