
(අංජුල මහික වීරරත්න)
ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස් සේනානායක 71වන ගුණ සමරු උත්සවයේ දී පැවසීය.
රාජ්‍ය අංශය ව්‍යාපාරික කටයුතුවල නියැලීම හේතුවෙන් මහවැලි වැනි ව්‍යාපෘති 100ක් සඳහා වෙන් කළ මුදල් අහිමි වූ බව ද ජනාධිපතිවරයා කීය.
ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 71 වන ගුණ සමරු උලෙළ කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අද (22) පැවැත්විණි.
ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ,ගුණසමරු කමිටු සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහත්වරුන් ඩී .එස් සේනානායක පිළිරුවට මල් කළඹ තබා උපහාර දැක්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි සින්ගප්පුරු දිවුනුවත් අපේ මොලෙන් වෙලා තියෙන්නේ. එකත් අපේ වැඩක් . Lee Kuan Yew ලගේ දක්ෂකම නෙවෙයි . අනේ මෙහෙම පම්පෝරි ගහන දේසපාලුවෝ
මම දන්නා හැටියට ඩී එස් සේනානායක මහතාගේ දර්ශනය නම් වැව් තැන වගා කිරීමයි .සිංගප්පූරුවේ මොන වැව් ද .වතුර ගේන්නෙත් මැලේසියාවෙන්
ඩී.එස්. කවදද බං සිංගපූරුව පාලනය කෙරුවේ ?
ඒ වගේම 2005 රනිල් බලයට පත් උනානම් අද වෙකොට ශ්‍රී ලංකාව ප්‍රබාකරන්ගේ පාලනයට යන්නත් තිබුනා.
ඩී.එස් කියනා ප්‍රතාපවත් නායකයා ගොඩ නැගූ මෙරටේ ප්‍රතාපවත් වූ පක්ෂය ක් එහි බිහිවූ අලුගෝසු පාලයකු විසින් පැවති අවසන් මහා මැතිවරන යෙන් කි සිදු අසුනක් දිනාගැනීමට නොහැකි පක්ෂට උදා කදී ඇත.
D S ට තිබුන මොලෙන් කාලක් වත් තිබුනනම් චන්දෙන් පැරදෙයිද? දැන් ඉතින් කපටිකමින් ගත්ත පින් ජනපති කමක් අරගෙන කයිවාරු ගහනව.
එහම ඩී .එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුනේ කියල කියන්න අපිද ආණ්ඩු බලයේ හිටියේ? දැන් ඔයා දේශපාලනයට එවින් අවුරුදු 47 සම්පූරනයි. දැන්ද ඔයාට මේක තේරුනේ?