(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට අභිනවයෙන් සාමාජිකයන් බඳවා ගැනීම පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ඇරඹේ.
එජාපයට නව සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 1වැනිදා සිට ඇරැඹීමට කලින් තීරණය කර තිබුණ ද පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව පක්ෂ නිර්මාතෘවරයාගේ ජන්ම දිනයේ දී එම කටයුත්ත ඇරඹීමට තීරණය කෙරිණි.
රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරට සමගාමීව ඔන්ලයින් සමුළු මාලාව අරඹනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දින යෙදුණු සැප්තැම්බර් 17 වැනිදාය.
එක්සත් ජාතික පක්ෂයට අභිනව සාමාජිකයන් බදවා ගැනීම ඔන්ලයින් තාක්ෂණයෙන් සිදුකරනු ලබයි.ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නව බැංකු ගිණුමක් ද එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇත.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාම සේවා වසම් දාහතර දහසෙන් ම සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව පක්ෂ මහාලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු බැඳුනත් ලොක්කා එයාම නේද ?
පරණ ලොක්කන්ගේ නම් විකුණා පක්ෂය ගොඩ දාන්ඩ බලනවා.
නැත මට කැමැත්තා බෙදී කුමටද පක්ෂ මාලා
එක්සත් ජාතික පක්ෂය මුලිකත්වයෙන් ඉදිරි මැතිවරණයේදී ජනධිපතිවරණයට ඉදිරිපත්වන පුද්ගලයා කවුරුන් උවද අවංක පුගලයකු විය යුතුම වේ. එසේ ඉදිරිපත්වන විකල්ප අපේක්ෂකයා රටේ දේශපාලනය වෙනස් මගකට ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක උවහොත් සියලු ශ්‍රී ලාංකිකයන්හේ සහයෝගයත් ලබා ලබාගැනීමට හැකියාව පවතී. දෙවනුව විකල්ප අපේක්ෂකයාට ලැබෙන ජනතා ප්‍රසාදය මත මහා මැතිවරණයේදී ඔහු ඉදිරිපත් කරන්නවූ අවංක, අපරාධ වාර්තා නොමැති නවකයන්ගේ කණ්ඩායමකට ජනතාව ඡන්දය ලබාදෙනවා ඇත. එම පිරිසට රට දියුණු කිරීම පිලිබදව උනන්දුවක් දක්වන අවංක උගත් බුද්දිමත් කාන්තාවන් ඇතුලත් කල යුතු වේ. ලංකාවේ මෙතෙක් කිසිදු රජයක නොතිබූ වෙනසක් රටට ලබාදිය යුතු වේ.
දසක ගණනාවක් සිට කාන්තවන් දේශපාලන බලගැන්වීම පිලිබදව කතා කලද මෙතෙක් එය නිවැරදිව ඉටුකිරීමට නොහැකිවී තිබෙනුයේ රටේ පවතින දුෂිත දේශපාලනයට පැමිණීමට කාන්තාවන් අකමැති නිසාවෙනි. එමනිසා කලයුතු වන්නේ ඉදිරි මැතිවරණයට පසුබිම සකස් කිරීම වේ. ලෝකයේ පළමු අගමැතිනිය, පළමු ජනාධිපතිවරිය බිහිකළ ශ්‍රී ලංකාවේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතානායකවරිය ගේ සිට ප්‍රබල අමාත්‍ය තනතුරු රැසක් කාන්තාවන් යටතට පත් කල යුතුවේ.
ඕකට හොදම දවස ඩී. එස් ඉපදුන දවස නෙමෙයි....