
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡාවක නිතර වූහ.
ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ එහිදී අවධාරණය කළේය.
රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද විදේශ ඇමති ලියූ ජින්තාවෝ සඳහන් කර සිටියේය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහති සඳහන් කළේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් දැන් ඉස්සරටත් වඩා චීන්නු සහ චීන ආයෝජන අපිට බලාගන්න පුළුවන් වෙයි. මහින්දගේ කාලේ කරද්දී තමයි මොවුන්ගේ පස්සවල් මූට්ටු වෙලා කෑ ගහ ගහ හිටියේ...
දැන් ගිහිල්ලා මාසෙකටත් කිට්ටුයි නේද? පනහක විතර නඩයක් එක්ක ගියේ රජයේ වියදමින්ද? නැත්නම් පක්ෂෙ අරමුදල් වලින්ද?
ඉන්න, මම පරීක්ෂා කරලා ඔයාට නරුමයා ගැන දැනුම් දෙන්නම්.
ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ... ලැජ්ජා නැහැ මේ දේශපාලකයින්ට. චීනයට පුදුම විදිහට අවුරුදු 76ක් බැනලා, දැන් චීනයට යනවා.