
(යොහාන් භාසුර)
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් හෙට (15) ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති සහය දක්වන බවත් සේවා මුර රාජකාරිවල නියුතු සේවකයන් හැර සෙසු සියලුම ටෙලිකොම් සේවකයන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙ බවත් ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ මහතා පැවැසීය.
සේවක වැටුප් මත අධික බදු අයකරමින් සේවකයන් දැඩි අපහසුතාවට පත්කිරීම සහ ටෙලිකොම් ආයතනය විකිණීම ඇතුළු ආණ්ඩුවේ මූලික ක්‍රියාකාරකම් 8 කට විරෝධය දක්වන බවත් ඒ මහතා අද (14) වැඩි දුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ස්ට්‍රයික් කරන අයට මිනිස්සු එකතු වෙලා ගැහුවානම් හොඳ පාඩමක් ඉගෙනගනී
ගුරුසිංහලා, ස්ටාලින්ල හැමදාම වර්ජන තමයි, කවදද වැඩක් කෙරුවෙ. රටට මෙහෙම වෙන්නෙ ඒකනෙ.
ජුලි වර් ජකයින්ට කලදේ මුන්ට කරන්න.