



(ඉෂාන් සංජීව)
ටෙලිකොම් සමාගමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් ‘ වෘත්තීය සමිති පෙරමුණ අද (16) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා පා ගමනක් ආරම්භ කළේය.
දුෂිත හා දුර්වල පාලනය, සේවක ගැටළු වහා විසඳනු, දුෂිතයන් පිටමන් කරනු යනුවෙන් සඳහන් පුවරු රැගත් ඔවුහු කොළඹ ටෙලිකොම් මුලස්ථානය වෙත පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් ආරංචි වෙන්නේ මෙම විරෝධතාවය "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බිලියන 50ක පමණ පාඩුවක් ලබා තිබියදී සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කර, අනවශ්‍ය වියදම් සිදුකරන අදූරදර්ශී සභාපතිවරයාට එරෙහිව දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් පටන් ගැන්ම " කියලයි. මේ පිළිබඳව "ලංකා නිව්ස් වෙබ්" අඩවිය මෙලෙස සඳහන් කර ඇත. "ටෙලිකොම් සේවකයන් පවසන්නේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා යටතේ ආයතනය දිනෙන් දින පාඩු ලබමින් තිබෙන බවයි. එම පාඩුව මේ වනවිට රුපියල් බිලියන 50 ඉක්මවා ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. කෙසේ වෙතත් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය හිතුමතේ තමන්ගේ වරප්‍රසාද වැඩිකර ගනිමින් කෝටි ගණන් මුදල් නාස්ති කරමින්, ආයතනයේ පාඩුව සේවකයන් මත පැටවීමටත් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ටෙලිකොම් ආයතනය ලබා ඇති පාඩුව සඳහා පාලනාධිකාරියේ දූෂණ-වංචා, අක්‍රමිකතා, අවිධිමත් හා හිතුවක්කාරී තීරණ හේතු වී ඇති බවත් එවැනි දූෂණ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි පවා වෘත්තීය සමිති සතුව තිබෙන බවත් සේවකයන් පෙන්වා දෙයි. "
අරගලයට පන පොවන්නනම් සියලු සේවකයන් එක අරමුනක එකාමෙන් සිටිය යුතුයි.