(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේදී ටෙලිකොම් සේවකයකුට විදුලිසැර වැදී මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වන කොරකිත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අය දුරකථන කණුවක් සවි කරමින් සිටියදී ඒ අසලින් ගමන් ගත් විදුලි රැහැනකින් මෙම විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි.
විදුලි සැර වැදුණු පුද්ගලයා ඒ මොහොතේම මුල්ලේරියාව රෝහල වෙත ඇතුළත් කර මද වේලාවක දී මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජයේ කාර්මික, ඉදිකිරීම්, සේවා සහ නඩත්තු සම්බන්ධ බොහෝ ආයතනවල ආරක්ෂාකාරීව වැඩ කිරීම සම්බන්ධව ඇති දැනුවත්භාවය බොහොම අඩුයි .නැති ගානයි
තමන්ගේ සේවයහි ඇත්තටම අවධානමක් තියෙන පිරිස් තමා ටෙලිකොම්,විදුලිබල මණ්ඩලය,ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින් ආදී පිරිස්. හැබයි ඒ කිසිම අයෙකුට අවදානම් දීමනා ලැබෙන්නෙ නෑ. නමුත් දොස්තරල ඇතුලු සෞඛය අංශයට ලැබෙනව. ඒක වැරදි කියනව නෙවේ. නමුත් හැමදාම මාධ්‍ය මගින් ගුණ වයන්නෙයි, දීමනා ලැබෙන්නෙයි එකම පිරිසකට පමණයි.
දෙයක් වශයනේ අපි කාගේත් ආරක්ෂාව ගැන දැනට වඩා බොහෝ සැලකිලිමත් විය යුතුයි