
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත්තේ මීට ටික වේලාවකට අද (2) උදෑසන 10.24ට) පෙරය.
“මටත් , ආර්යාවටත් ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇති බව තහවුරු වුණා. අපි ඉක්මනින්ම නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඒ වගේම ඉක්මනින් සුව වෙනවා” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක කාන්තාව
ඔබගේ උද්දච්ච ගති වලට සහ නොසැලකිල්ලට අපගේ උණුසුම් සුබ පැතුම්.!
දැන් ඉතින් අර ඒකාලේ කියපු විදියට විෂබීජ නාශක තමන්ටම විද ගත්තා නම් නේද හොඳ?
ඉක්මනින් සුවවී මුඛ ආවරණ පැළඳීම පටන් ගනීවා...!!!
මෙයා කොරෝනා එක්ක සෙල්ලම් කරපු හැටි මතක්කරනකොට හිනානොවී බැහැ. ජනවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනා රැල්ල ගැන මුළු ලෝකයටම අනතුරු හඟවද්දී, ට්‍රම්ප් කීවා "අපේ රටට ඔය වයිරසයෙන් හානියක් නැහැ " කියලා. තත්වය උග්‍ර වෙද්දී මිනිහා චීනාට චෝදනා කරන්න ගත්තා. වයිරසය ලෝකෙටම පැතිරුවා කියලා. ඊටත් පස්සේ WHO එකේ ලොක්කා සමග පැටලුණා.. චිනාට උදව්කරනවා කියලා. අන්තිමට WHO එකෙන් ඇමෙරිකාව 2021 සම්පූර්ණයෙන්ම ඉවත්වෙනවා කියලා තීරණය කළා. මේ අතරේ ට්‍රම්ප් හයිඩ්රෝක්සි ක්ලෝරෝක්වීන් කොරෝනාවට සුදුසුම බෙහෙත කියලා ප්‍රකාශකරලා ඇමෙරිකානුවන්ට ඒ බෙහෙත ගන්නත් අනුමත කළා. රටේ සෞඛ්‍ය බලධාරීන් හොල්මන් වෙලා කිව්වේ ඔය බෙහෙත 100% විශ්වාස නැහැ. තවම පරීක්ෂණ පවත්වනවා" කියලා. නමුත් ට්‍රම්ප් සුමාන 2ක් මේ බෙහෙත ගත්තාලු. මාස්ක් අවශ්‍ය නැහැ කිව්ව ට්‍රම්ප්ට අන්තිමට මාස්ක් පළඳින්න සිදුවුණා. ඒ අතරේ මෙයා පසුගිය මාසේ කීවා ඇමෙරිකාවේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත නොවැම්බර් මාසේ 1 දා සිට රටේ සියලුදෙනාටම ලබාදෙනවා කියලා. නමුත් සෞඛ්‍ය බලධාරීන් කිව්වේ 2021 මැද වෙනකම් එහෙම දෙයක් ගැන හිතන්නත් අමාරුයි කියලා. අන්තිමට මේ මනුස්සයා සොයාගෙන කොරෝනා ආවා.
ට්‍රම්ප්ට කොරෝනාව පාලනය කරගන්න බැරිවුණාට.., කොරෝනාවට ට්‍රම්ප් පාලනය කරගන්න පුළුවන් වෙලා වගේ..
ඔබගේ පිහිටට සර්වබලධාරී දෙවිපියාණන් වහන්සේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. ඔහුට කළ නොහැක්කක් නොමැත.
අම්මපා මාර ප්‍රවෘත්තියක්නේ මේක.. දැන් ඉතින් අපි ඔක්කොම අපේ සියලුම වැඩකටයුතු නවත්තලා මේ ගැන සුවදුක් විමසමු දින 14ක් වෙනකම්ම. අනේ "තැඹිලි ගෙඩි" කීපයක්වත් එවන්න තිබුණු ළඟපාත ගමකවත් හිටියා නම්.. දැන් මොකද කරන්නේ? සොරි.. ඈ..
අහන මිනිස්සු නම් කියන්නේ ඊළඟ විවාදයෙන් ගැලවෙන්න ට්‍රම්ප් කරපු බොරුවක් කියලා. ඇත්ත මොකක්ද කියලා දැනගන්න ටිකක් දවස් යයි.
නිවන් සුව ලැබේවා..!!!
ඇමරිකාවට ලොකු අභිමානයක්! අභිමානය නිරෝධායනය කරලා!
අපේ කෙනා නම් මෙහෙ පෙකනිල් බොන්න කියලා අපිට කීවා.
අපේ රටේ අර බෙහෙත් ගැන කියපු කෙනාව යවමු