
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය.
ඉරානය හා ඊශ්‍රායලය දැන හෝ නොදැන සටන් විරාම ගිවිසුම කඩකර තිබෙන බවත් දෙපාර්ශ්වය කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.
ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවැසුවේය.
සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානය සහ ඊශ්‍රායල දීර්ඝ කාලයක සිට යුද වැදීම හේතුවෙන් තමන් කරන්නේ කුමක්දැයි දෙපාර්ශ්වයට අමතක වී ගොස් ඇති බව ඇමෙරිකා ජනපතිවරයා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඊශ්‍රායලයට අවවාද කර ඇත. ඇමෙරිකා ජනපතිවරයා හැර ලෝකයේ වෙනත් කිසිවකුගේ මතයට ඊශ්‍රායලය අවනත කරගත නොහැකිය. ඇමෙරිකා ජනපතිවරයා ඉරානයෙන් පමණක් මෙම ඉල්ලීම සිදුකර තිබිණි. කෙසේවෙතත් ජනාධිපති පළමුව දැරූ මතය වෙනස් කර දෙපාර්ශවයෙන්ම බෝම්බ නොදමන ලෙස ඉල්ලීම් කර ඇත. ඇමෙරිකාවේ සහ EU රටවල ආර්ථික, දේශපාලන, කලාව මාධ්‍ය, වෛද්‍ය, තාක්ෂණික, යුද අවි ඇතුළු මහාපරිමාණ ව්‍යාපාරිකයින් ඇති බහුතරයක් ඊශ්‍රායල ජාතිකයින් වේ. ඉරානය යනු gulf කලාපයේ සහ මිනිස් ශිෂ්ඨාචාරයේ දිගු ඉතිහාසයක් තිබෙන්නා වූ රටකි. ලංකාව කුඩා රටක් වුවත් මෙම යුද්ධය සහ ඉන්පසු මතුවන ගෝලීය ආර්ථික සහ භූ දේශපාලන කාරණා පිළිබඳව G7, G20 සහ GULF රටවල තානාපතිවරුන් සමග සාකච්ඡා කළයුතු වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ නායකයා නොවූවත් එතුමාට ඍජුවම වර්තමාන තත්වයන් පිළිබඳව ගෝලීය නායකයින් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය සමග සාකච්ඡා කළහැකි වේ. (වර්තමාන ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාට එවැන්නක් කිසිසේත්ම කළ නොහැකියි)
ඊශ්‍රායලයට විතරක් නොවෙයි මෙයාටත් කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලා නිච්චියක් නැහැ... ගෙදරට වෙලා උණු වතුර ටිකක් කාලා ඉන්න ඕනෑ අය රට පාලනය කරන විට ඒ රටවල් විතරක් නොවෙයි ලෝකයම විනාශ වෙන්න පුළුවන්...!
අහන්න බැරි නම් දන්නේ නෑනේ එකේ කරන්නේ ඉරානයට බෝම්බයේ භාගයක් ඊශ්‍රායලයට දැමීමයි.
ඉරානය යනු ඊශ්‍රායලය මෙන් 10 ගුණයක ජනගහනය ඇති සහ 70 ගුණයකට වඩා විශාල රටක්. ඊශ්‍රායලයට කිසි දිනක ඉරානය අවනත කර ගත හැකි නොවනු ඇත.
තාමත් ලංකාවේ අය හිතනවා රනිල් වික්‍රමසිංහ හිටියා නම් මේ යුද්ධය ඇති වෙන්නේ නෑලු. හැබැයි ලොකුම විහිළුව යුක්රෙන, රුසියානු යුද්ධය, පලස්තීන, ඊශ්‍රායලය අතර යුද්ධය පටන් ගත්තේ එයා ජනපති වෙලා ඉන්න කාලේ. කෝ යුද්ධය නැවැත්තුවා ද?
මේ අවලන් මහල්ලා තමා මේ ඔක්කොටම මුල පාඩුවේ ආගමක් දහමක් කරගෙන ඉන්නේ නැතිව