
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ටෙහෙරානයට යන මාවත පාදාගෙන තිබෙන බවත් නුදුරු අනාගතයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව, එහි ප්‍රහාරක යානා, ගුවන් නියමුවන් ටෙහෙරාන අහසේ දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට ඊශ්‍රායලය ආරක්ෂක හමුදා දැඩිව ප්‍රහාර එල්ල කළ බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පාලනයේ සෑම ඉලක්කයකටම සහ සෑම මධ්‍යස්ථානයකටම ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය කියන්නේ පුදුම ම්ලේච්ඡ ජාතියක්, හිතක් පපුවක් ඇත්තේම නැහැ.
ඊශ්‍රායලය වෙනුවෙන් දී ඇති තවත් නමක් වන්නේ... "දත් තිස් දෙක මැද තිබෙන, දිව වැනි අසරණ" රාජ්‍යයක් කියා ය ! සිව් දිගින් බැට කමින් එරටේ ආරක්ෂාවට සහ දියුණුවට අතහිත දෙන අවංක, ජාත්‍යාලය ඇති නායකයින් එම රාජ්‍යය පිහිටවූදා සිටම රටට ලැබීම ගැන එරටේ ජනතාව ආඩම්බර වෙනවා. අසල්වැසි ඉරානය සහ ඔවුන්ට කඩෙ යන ත්‍රස්ථවාදීන් නිතරම ඊශ්‍රායලය ලොක සිතියමෙන් අතුගා දැමීමෙ සිහිනය තවමත් අතහැර නැති බව දැන් තිබෙන තත්ත්වය මගින් පැහැදිලිවම පෙනෙනවා... සිය මව් බිම රැක ගැනීමේ අභියෝගයට ඊශ්‍රායලය නිසි පිළිතුරු සැපයීමට බැදී තිබෙන අතර එය දැන් සාර්ථකව සිදුවේගන යන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඉරානය සහ මොල්ලා ගැති හැතිකරය අනෙක් අයගේ වැඩ කටයුතු වලට ඇගිලි නොගසා, තමන් ගෙ පාඩුවේ, තමන් ගෙ වැඩක් බලාගෙන සිටිනවා නම්, මෙවැනි අවාසනාවන්ත, මිනීමරු යුද්ධ මෙලො තලයෙන් අතු ගෑවී යනවා නියතයි ...