(ලාල් එස් කුමාර)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ලබාදුන් ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ටොන් 36000 ක් දිවයින පුරා සිටින වී ගොවීන් හට කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත අද (19) නිල වශයෙන් භාර දෙන ලදි.

2021 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම ට්‍රිපල් සුපර් පොස්පේට් පොහොර තොගය මෙය වන අතර ඉදිරියේදී පැමිණෙන වගා කන්න සඳහා මිලියනයක් පමණ වන වී ගොවීන්ගේ වගාවන් සඳහා අත්‍යවශ්‍ය පෝෂණය මෙමගින් ලැබෙනු ඇත.

පොහොර මගින් දේශීය ගොවීන්ගේ නිෂ්පාදනයන් වැඩි දියුණු වන බවත් රටේ ආහාර සුරක්ෂිතතාවය ද එමගින් තහවුරු කෙරෙන බවත් පැවසූ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ගේබ්‍රියල් ග්‍රඖ මහතා වඩාත් වැදගත් වන්නේ වෙළඳපළ මගින් ක්‍රියාත්මක වන කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා නායකත්වය දෙමින් ශ්‍රී ලංකාව ආහාර අපනයනකරුවෙක් බවට පත් කිරීම බව මෙම අවස්ථාවට එක්වෙමින් පෙන්වා දුන්නේය.