
(සුජිත් හේවාජුලිගේ)
උපකාර පන්ති ක්ෂේත්‍රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්‍රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය.
අදාළ විෂයයන් අසමත්වූ අයත් උපකාර පන්තිවල උගන්වන බවට තොරතුරු හෙළි වී ඇති බව පැවසූ මහාචාර්යවරයා එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බවද සඳහන් කළේය.
උපකාර පන්ති ක්ෂේත්‍රය නියාමනය විය යුතු බවද ඔහු සඳහන් කළේය.
උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයා බැලිය යුතු බවත් ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් පැවරෙන බවද වසන්ත අතු කෝරල මහතා කීවේය.
එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට පත්වි බිඳවැටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු වර්ජන නොකර නිසි පරිදි විෂයානුබද්ධව ක්‍රියා කරතොත් ටියුෂන් කතාව තුරන් කල හැක...උ/පෙල උගන්වන ගුරුවරු බහුතරය එම කටයුත්ත නිසියාකාරව කොකරන බව තමයි පෙනෙන කරුන...බාලාංශ දරුවන්ගේ වැඩ සටහනට සිග්‍ර වෙනසක් අත්‍යවශය වෙයි..පොඩි දරුන් පවා ටියුෂන් යන තත්වයක් විශාල වශයෙන් පෙනේ.
මේ පුද්ගලික ටියුෂන් ගුරුවරු තමයි ලංකාවේ දුප්පතුන් වැඩි කරන්නේ.., ඉගෙන ගන්න ළමයි ඉන්න පවුල් තනිකරම් හූරාගෙන කන්නේ.
හරිම ලෙහෙසියි, සියලුම ගෙවීම් ඔන් ලයින් හරහා පමණක් සිදු කරන්න නීති ගේන්න. අතයට ගහන ගැහිලි සේරම නතර වෙනවා. මම දැක්කා පහුගිය දවස්වල ඔය ගුරාලාගේ කාර් ප්‍රදර්ශනයක්... අහිංසක දෙමව්පියන්ගේ සල්ලි..., ඕවාට කතා කලොත් කුහකයෝ ජෙප්පෝ කියලා ලේබල් අලවනවා.
ටියුෂන් කඩකාරයෝ දැන් වැහි වැහැලා? පාසැල්වල ගුරුවරු මේවාට මොකද කියන්නේ?
උපකාර පන්ති ක්ෂේත්ය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු වේ. සිසුන් 10ට වැඩි ප්‍රමාණයක් සිටිනවු සියලු උපකාර පන්ති සියල්ල රජය මගින් ප්‍රමිතිකරණය කලයුතුද වේ. සහ උපකාර පන්ති සිසුන්ගෙන් ලබාගන්න මුදල් අවමය සහ උපරිමයකට යටත් කලයුතුවේ. එමෙන්ම පුද්ගලික වෛද්‍ය මද්‍යස්ථාන, වෛද්‍යවරුන් එහි සේවකයන් පිළිබදවද යම් ප්‍රමිතියක් ඇතිකලයුතුවේ. පුද්ගලික වෛද්‍ය මද්‍යස්ථාන සහ ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නවු ආයතන තුල සේවයට නුසුදුසු පිරිස් සේවයේ නියුතුව සිටි.
නියාමනයක් අත්‍යාවශ්‍යයි. ඔවුන් කොතැනක හෝ ලියාපදිංචි විය යුතු පංති පරිසරය , ළමයින් ප්‍රමාණය සහ අයකරන ගාස්තු ගැන නීත්.සැකසිය යුතුයි . දැන් මේක.තනිකරම සෙල්ලමක්.වෙලා. බෙන
අපි ගුරුවරුන්ට පඩි ගෙවන්නත්...ඕනේ...
රටේ අහිංසක මිනිස්සුන් කෝටි විසිදාහක් වියදම් කරලා ළමයින්ට උගන්වන්නත් ඕනෑ... ගුරුවරුන් විදුහල්පතින්ට පඩි ගෙවන්න ආණ්ඩුවට බදු ගෙවන්නත් ඕනෑ..
ජවිපෙ කාරයෝ කියන නිදහස් අධ්‍යාපනය මේක වෙන්න ඇති... මොවුන් ගුරුවරුන් වැඩ වර්ජනයට යොදාගන්නවා කියලා කරන්නේ ජේවිපින් මතවාදය ගුරුවරුන්ගේ ඔළුවට දාලා අනාගත දරුවන්ගේ මනස විකෘති කරන්න යොදවා ගන්න ගුරුවරු පාවිච්චි කරන එකයි...
ටියුෂන් දැවැන්ත ව්‍යාපාරයක්. අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නන් වෙළඳ පොළ නිර්මාණය කරන අතර ගුරුවරු පාරිභෝගිකයින් සකසනු ලබයි...
ඩොක්ටර් චැනල් ගාන කියන්න ලොයර්ස්ලාගේ ගාණ කොහොමද? සර් ගෙදරට ඇවිත් උගන්වන එක මොකද? මේ අදහස් වලට වස කඩයක් වත් කරන්න බැහැ..
ටියුෂන් නැති කරන්න තියෙන්නේ එකම විසඳුමයි විශ්ව විද්‍යාලය ට ගන්න ගාන වැඩි කරන්න ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් 80000 ට වැඩි ප්‍රමාණ බැගින් විභාගය ට මුහුණ දුන්න ත් වෛද්‍ය පිඨයට හා ඉංජිනේරු පිඨය ය ට ගන්නේ 2500 ට ත් වඩා අඩු ප්‍රමාණයක් ප්‍රශ්නය ට පිළිතුර ඒකයි ඒක විසඳන තාක් ලංකාවේ ටියුෂන් නවත්වනවා බොරු
මෙතන අදහස් දාලා තියන අය දැකලා තියෙන්නේ එක පැත්තයි.. සේරටම කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ළමයි ටියුෂන් යන්නේ කියලා. ඉස්කෝලේ විනාඩි 45 කාල පරිච්ඡේදය තුළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ළමයින්ට තේරෙන්න උගන්වන්න බැහැ... කාලය මදි. ටියුෂන් ගුරුවරු ගොඩක් කැපකිරීම් කරලා ගොඩක් මහන්සි වෙලා තමයි ළමයින්ට උගන්වන්නේ පැය 2 ක් 3ක් හිටගෙන එක දිගට කතාකරන එක ලේසි කාර්‍යයක් නෙවෙයි. අනෙක ගුරුවරයාට සුදුසුකම් නැත්නම් හොඳට උගන්වන්න බැහැ නේද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ... එහෙම ගුරුවරයෙක් ළඟට ළමයි සල්ලි දීලා යාවිද කියලා...
ලංකාවේ හරියට බදු ගෙවන්නේ පෞද්ගලික අංශයේ මාස් පඩි සේවකයින් ටික විතරයි. අනිත් අය එක්කෝ ගෙවන්නේ නෑ. නැත්තම් එක එක මගඩි කරලා සොච්චමක් ගෙවන්නේ....!
ටියුෂන් ආදායම ගැන විතරක් නෙමෙයි, සමාජයට කිසිම සේවාවක් නොකර ජනතා බදු මුදලින් සිය පරම්පරාවල් නඩත්තු කරමින් අයථාලෙස කෝටි ප්‍රකෝටි ගණනින් මහජන දේපල හොරාකන චෞර දේශපාලුවන් නියාමනය කරන සක්‍රීය වැඩපිළිවෙලකුයි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ...
මේ රටේ වෙන හැම දේම නියාමනය කරන්න ඕනෑ. මේ වයසක බඩ මහත සුදු ඇඳගෙන එන නාකි සීයලා ටික විශ්‍රාම යවන්න ඕනෑ. ඔක්කෝටම ඉස්සෙල්ලා, මේ රට විනාශ කරලා ඉවරයි. නිදහස් අධ්‍යාපනය නමට විතරයි , ගොඩාක් ළමයි ටියුෂන් කාරයින්ගේ ගොදුරක් වෙලා අවසන්, මේ රට කොහාටද ගමන් කරන්නේ? දුකයි
මේකෙන් 10% ක් බද්දක් ගත්තා නම් රජයට කොටි 2,000 ක අදායමක් ලැබෙනවා. ඒකෙන් මහා ඡන්ද 2ක් තියන්න තිබුණා...
ඉස්කෝලේට ලැබිය යුතු සල්ලි තමයි මේ කට්ටිය පිල්ලි දාගන්නේ
පාසල් වල ගුරුවරුන්ගෙන් 60 % 70 % ඉගැන්වීම කරන්නේ විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කිරීමට...එහෙත් දරුවෝ ඉගෙනගත් දෙයක් නෑ...දරුවන්ට හැදියාව යුතුකම් සමාජ දැනුමක් නෑ ... හැම ගුරුවරයෙක්ටම මෙය අදාළ නෑ..සමහරක් දෙවිවරු වගේ දරුවන්ට හොදින් විෂය මෙන්ම ජීවිතය කියදීමද කරන ගුරුවරුන් පාසල තුල සිටිනවා...නමුත් ඔවුනට හිමි ගෞරවය මෙන්ම සමාජයේ ඉදිරියට පැමිණෙන බවක් නෑ...ගුරුවරුන් පඩිය ඉහළ නැංවීම. වගේම ඉගැන්වීම ඔයිට වඩා සැලකිලිමත් ව අවධානයෙන් කරන්න කාරුණිකව සිතා බලන්න....එහෙම නම් ටියුෂන් වලට දරුවන් යන ඒක වෙනස් වෙයි....
ඩොලර් බිලියන 1ට ලගයි. අම්බෝ එච්චර ගානක්. විශ්ව විද්‍යාල වලටත් ඔච්චර රජය වියදම් කරන්නේ නෑ
ටියුෂන් වල ප්‍රමිතීන් ඇති කරන්න ඕන. මිළ ගණන් නියාමනය කිරීම වැදගත්. ඒ වගේම බොහෝ දෙනෙක්ට නොපෙනෙන පැත්තක් තියෙනවා ටියුෂන් නිසා රටේ ශ්‍රම බලකායෙන් විශාල පිරිසකට ළමයි සමග ඉන්න වෙලා තියෙනව. ලංකාවෙම ගත්තොත් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. මේවා රටේ ණය බර වැඩි වීමට/ සංවර්ධනයට ඍජු ලෙස බලපානවා.
ඇත්තටම ළමයින් ටියුෂන් යන තරමටම ඉන් ප්‍රයෝජනයක් වෙනවද කියල බැලුවොත් උත්තරේ නැත යන්නය . ටියුෂන් අද කාලේ ටියුෂන් ගුරාල හැසිරෙන්නේ අමු විකටයෝ වගෙයි . උන් ළමයින්ව හුරගෙන කනව විතරක් නෙවෙයි උන්ගේ මොලත් හෝදනවා . කණගාටුවට කරුණ නම් මේ ව්‍යසනය නවත්වන්න කිසිම අධ්‍යාපන ඇමතියෙකුට බැරි උනා . අපේ රටේ විභාග ක්‍රමය වෙනස්කරන තෙක් මේ මාෆියාව නැතිකරන්න බැහැ .
මේ ආටිකල් එක හරියටම හරි.අද ලංකාවේ ටියුසන් මාෆියාවක් වෙලා.සුදුසුකම් ඇති සහ නැති ඔක්කොම මේවට සම්බදයි.රජයේ කිසිම නියාමනයක් නෑ.තමන්ට කැමති මුදල අය කරන්නෙ.මගේ පුතා උසස් පෙළ ඉංග්‍රිසි මාධ්‍ය කරන්නෙ.විශයන් 3ක් ටියුශන් පන්ති 3ට මාසෙට රු.30000ක් යනව.බස් එකට,අතේ තියාගන්න දෙන සල්ලිත් එක්ක හැම මාසෙම ඔක්කොම 50000ට වඩා යනව.මගේ පුතා කොළඹ ප්‍රධාන පාසලකට ගියත් හරියට උගන්වන්නෙ නෑ.ඒ නිසා අමාරුවෙන් හෝ පන්ති යවන්න වෙලා.මහරගම පැරණි ඉන්ග්‍රීසි පන්තියක අව්‍රරුද්දකට වාර විභාග 3ක් තියනව.මාසික පන්ති ගාස්තුවට අමතරව ඒ එක වාර විභාගයකට විභාග ගාස්තු කියල රු500ක් ගන්නවා.ඒකත් මේ අවරුද්දෙ ඉදල අවෘද්දෙම විභාග ගාස්තුව එක පාරම ගත්ත.තනිකරම කරන්නෙ බිස්නස් එකක්.මහාපරිමාන පන්ති හිමියො කෝටිපතියො වෙලා.මේවට වහාම රජය මැදිහත් විය යුතුයි.මාසික පන්ති ගාස්තුව කිසිම විශයක රු.1500 නොඉක්මවිය යුතුයි
අනිවාර්යෙන් බදු ගැසිය යුතුමයි . දෙශීය අදායම් එකෙන් මාටියා පාර දෙනවා ඇති උඩ පැන පැන . අනිවාර්යෙන් digitalize කළ යුතුයි .
සී.ඩබ්.ඩබ්. කන්නංගර ගේ නිදහස් අධ්‍යාපනය අද වැටිලා තියෙන තැන
නිසි ලෙස පාසල්වල ඉගැන්වීමක් කෙරෙන්නේ නෑ. පාසලේ අදාල විශයම උගන්වන්න ගුරුවරු පාසලේ උගන්වන්නේ නැතුව තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා උගන්නවා ළමයි දෙමාපියෝ අසරණයි. දැන් 2 සහ 3 වසර වල ඉදන්ම හැම විශයකටම ටියුෂන් යන්න ඕනී
රජයේ රෝහල්වල හරියට ප්‍රතිකාර කරලා, හරියට බෙහෙත් ටික දුන්නොත් මිනිස්සු පෞද්ගලික බෙහෙත් ශාලා වලින් බෙහෙත් ගන්න යන්නේ නෑ නේ... ඒකම තමයි මේකටත් කෙටියෙන් ම කියන්න තියෙන්නේ.. වෙන වැල් වටාරම් අවශ්‍ය නෑ කියලා හිතනවා..
පාසල් වේලාව තුල පාසල් ළමයින් tuition පංති වලට යාම නැවැත්වීමට පියවර ගත යුතුයි overnight tution class අලුත් දෙයක් පටන්ගෙන තිබුන
අනිත් රටවල් ටියුෂන් නෑ. පාසල් අධ්‍යාපනය විධිමත් වීම හා ගුරුවරුන් ට වගකීමක් පැවරීමයි විය යුත්තේ
ඇත්තටම නියාමනයක් නැතිවීම කියන්නෙ ඉබාගාතේ කියන මට්ටම.මෙමගින් විශාල ප්‍රශ්න රාශියක් මතුවි තිබෙනවා එකක් දෙමව්පියන් අසරණ භාවයට පත්වීම හරහා ඉච්චාබංගත්වය ඉහළ ගොස්තිබීම.සමාජයක පැවැත්මට අහිතකර ලෙස බලපා ඇති බව හරහා සමාජයෙ ජීවන දර්ශක ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතිබව මෙ හෙතුවෙන් මෙ රටේ කවදාවත් ජීවන වියදම පාලනය කල නොහැකිවීම.