
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග අද(24) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඔවුන් අතරින් 39 හැවිරිදි සහ 62 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ අතිනවීනතම ජංගම දුරකථන 559 ක් සහ ටැබ් පරිගණක 80 ක් සගවා ගෙන සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑන්ඩ් ලෝඩ් අදින අය කිලෝ ගාණට බඩු අදිනවා. ඔය කස්ටම් ඔෆිසර්ලගේ, වත්කම්, බැරකම් ප්‍රකාශ හොයලා බලන්න හම්බ කරගත්තේ කොහොමද කියලා මෙච්චර කල්... දැනටත් ඔය එකක් දෙකක් ඇල්ලුවාට කොච්චර හොරෙන් අදිනවාද දන්නෝ දනිති.
ඕවා වගේ නෙවේ, අපි මොකක් හරි නීත්‍යානුකූලව ආනයනය කලහම තමයි බදු වදින්නේ. ඔය ජාවාරම් කරන උන් ජාවාරම් කරන හැටි බලන්න ඔය නිලධාරීන් වෙළෙඳපොලේ අලුත් දුරකථන විකුණන ඉම්පොටර්ල ගැන හොයා බලන්න, කොහොමද ඒවා ආවේ, බදු කොපමණ ගෙව්වද කියල.