අජන්ත කුමාර අගලකඩ
රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිමට අනුමැතිය දී තිබියදී ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සියලු දෙනාටම ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) උදේ පැවැති කැබිනට් රැස්වීමේ දී කණගාටුව පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සම්පුර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් එය නියමු ව්‍යාපෘතියක් වන්නේ කෙසේ දැයි විමසා ඇති ජනාධිපතිවරයා අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දමා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
රජයේ ආයතනවල වියදම් 15% කින් කපන ලෙස දැනුම් දී තිබියදී ටැබ් පරිගනක නොමිලේ දීමට රුපියල් (කෝටි 227 ක්) මිලියන 2,275 ක මුදලක් වැය කිරිම ගැටලුකාරී බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.
උසස් පෙළ සිසුන් 189,000 කට ටැබ් පරිගණක නොමිලේ ලබාදීම සඳහා අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
සති දෙකකට පමණ පසුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදේ 9.30 ට රැස්වූ අතර එය පුරා පැයකට අධික කාලයක් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැබ්. අන්න අනුරාධපුරේ ළමයි මැරෙනවා බඩට කන්න නැතිව.
1% ක් කොමිස් ලැබුනොත් මිලියන 2275 කට මිලියන 22.75 ක් ????
ඇත්තෙන්ම අපේ දරුවන් ටැබ් නැතුව තමයි ලතවෙවී හිටියේ වෙන නම් කියන්න තරම් අඩුවක් නම් මේ සිරිලකේ පාසල් පද්දතියේ නැහැ. ඔය ඉරිසියාවට දුෂ්ඨයෝ එක එකා දේවල් කියනවා. ලංකාවේ සියලුම පාසල් සියලුම පහසුකම් වලින් "අන්ගසම්පුර්ණයි ." දැන් ටැබ් එකත් හරියාගෙන එන්නේ. කාටද ආඩම්බර... හුරේ ......
ටැබ් එකක දත්ත රැසක් ගබඩා කල හැක. විෂය කරුණු, ප්‍රශ්න පත්‍ර, ආදර්ශ විසඳුම් ආදිය හා වටිනා ග්‍රන්ථ ප්‍රකාශන ආදිය . නැවත නැවත මුද්‍රණය කිරීමෙන් සිදු වන නාස්තිය අවම වේ. කඩදාසි භාවිතයද අඩුවේ. එමෙන්ම ශ්‍රී ලාංකික සිසුන් ගේ දක්ෂතාවයන් ඔප මට්ටම් කල හැකිය. අප තාක්ෂනය සමග ඉදිරියට යා යුතුය. අධ්‍යාපනය සඳහා කරන වියදම් අපතේ යන්නේ නැත .නමුත් වැරදි දේ සඳහා භාවිතා කිරීම පාලනය කල යුතුය.
කොමිස් ලැබෙනවානම් රටට මොනවා වුනත් කමක් නැහැ . ටැබ් ටැබ් . මේක මහ පිස්සුවක් හොඳ වෙන්නෙම නැති පිස්සුවක් .
බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියනවාලු නේද?
මේක තනිකර හොර මගඩියක්. අහිංසක ළමයි ටික මූනුපොතේ එල්ලිලා අන්තිමට ඉගනගත්ත දැනුමත් නැතිවෙලා යනවා. ඉස්කෝල වල පරිගණක විද්‍යාගාර තියෙනවනේ. මේ සල්ලි මීට වඩා හරවත් දෙකට යොදවන්න පුළුවන්. මෙය තනිකර හොරකම් කිරීමට ගහපු ප්ලැන් එකක්. සල්ලි තියෙන රට වලවත් මේ වගේ වැඩ කරන්නේ නෑ.
පගා ගහලා හිරේ ගියවුන් නිදහස් කරන කෙනා, ඔය කියන කොමිස් ගන්නවුන්ද නිදහස් කරාවි.
ඔය සල්ලිවලින් ඉස්කෝල ආරක්ෂා කරන වැඩපිළිවලක් සකසන්න. කොමිස් බලාගෙන බොරු වැඩ නොකර.
මේ රටේ වැරදි කරන තරමක් කරන්නේ මහා උන්... පොඩි එකාල කරන වරදක් නැහැනෙ... තිස්සමහාරාම පෙත්තේ මාස 3ක දරුවෙක් මරුණ මන්දපොශනේ හැදිලා... අති දුෂ්කර පළාත් වල වේලක් නොකා වේලක් කන මිනිස්සු ඉන්නවා.. දරුවන්ට හොදට කන්න බොන්න දෙන්න විදිහක් නැති මිනිස්සු ඉන්නවා.. අපේ රට එදා ස්වයංපෝෂිත රටක්.. අපි සහල් පිටරටින් ගෙනාවේ නැහැ.. ලංකාව සෝමාලියාවක් වෙන්න වැඩි කාලයක් නැහැ.. බඩ පොත්තට ගිහින්.. ඒ උනාට බොරුව සොබනේ පෙන්න ගන්න තරන් රටක් මේ වගේ ලෝකේ කොහෙවත් නැතුව ඇති...
ඔව්. ජනාධිපති 100% හරි. මොකද ලංකාවේ ඔය වැඩේ ප්‍රයෝගික නැහැ. මෙයාලා කරොත් කරන්නේ ඔය වගේ ගොන් තකතීරු වැඩ. ලංකාවේ පාසල් කියකද ඉන්ටෙර්නෙට් තියෙන්නේ. ඒ වගේම ඔය ටැබ් එක දීල මොකක්ක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර දියුණු රටවල එහෙම කරනවා. ඒ අතින් ලංකාවේ පාසල් ඒ මට්ටමට ඇවිත් නැහැ . මේ අය හිතන්නේ කොලඹ විශාකා, රෝයල් , පාසල් දෙක ගැන විතරයි..හිතපල්ලා ලංකාවේ සමස්ත පාසල් පද්දතිය ගැනම... කරන දෙයක් ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේවල් කරපල්ලා..ඒ මුදල් උඹලගේ ගෙදරින් වියදම් කරන ඒවා නොවේ. අහිංසක ජනතාවගේ බදු මුදල්........
කොමිස් මුදලක් තමාගේ සාක්කුවට ඔබා ගැනීමේ අරමුණින් " කන්න නැතිව බල්ලන්ට හැට්ට මහනවා "
ළමයින්ට ටැබ් දීම හැර දැන් අධ්‍යාපනයට සම්බන්ධ සියල්ල සර්ව සම්පූර්ණද. අනේ මේ අය කවදා හැදෙයිද කියලා හිතා ගන්න බෑ.
මේ දවස්වල ඡන්ද ගන්න ටැබ් දීලා, සමෘද්ධිය දීල, අමාත්‍යංශ වියදම් 15% කප්පාදු කරලා පුදුම වෙහසක් මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් දරනවා.
ළමයින්ට ටැබ් දෙන්න අනෙක් හැම දේම හරිද කියලා අහන අය තමන්ගේ ගෙදර විය හියදම් කරන්නේ ඒ ප්‍රමුඛතා පිළිවෙලටද? අම්මලා තාත්තලා කන්න අඳින්න නැතිව හිටියට ළමයින්ට ඉගෙන ගන්න වියදම් කරනවනේ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් ඉගෙන ගන්න කලින් කාලා ඇඳලා ඉන්න ඕන නේද කියලා. මෙතන වෙලා තියෙන්නේ ටැබ් එකක් කියන්නේ මහා අරුම පුදුම භාණ්ඩයක් කරගෙන. ඒක ළමයින්ට නොදිය යුතු දෙයක් කියලා හිතාගෙන. ගල් ලෑලි තිබ්බ කාලේ මේ උන්දලා හිටියා නම් ළමයින්ට අභ්‍යාස පොතුත් එපා කියයි.
ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕන නම් ගම් වල සේරම ගුරු පාරවල කාපට් කරන කම් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕන. ග්‍රාමීය රෝහල්වල අඩු පාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕන. ග්‍රාමීය බැංකු පරිගණකගත කරන කම් වානිජ බැංකු බලන් ඉන්න ඕන.
ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕනෑ නම් ගම්වල සේරම ගුරු පාරවල කාපට් කරනකන් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕනෑ. ග්‍රාමීය රෝහල්වල අඩුපාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕනෑ. ග්‍රාමීය බැංකු පරිගණකගත කරනකම් වාණිජ බැංකු බලන් ඉන්න ඕනෑ.
ටැබ් දෙන්න කලින් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේරම ගැටළු විසඳන්න ඕන නම් ගම් වල සේරම ගුරු පාරවල කාපට් කරන කම් අධිවේගී මාර්ග හදන එක නවතන්න ඕන. ග්‍රාමීය රෝහල්වල අඩු පාඩු හදන කම් පෙට් ස්කෑන් යන්ත්‍ර නොගෙන ඉන්න ඕන. ග්‍රාමීය බැංකු පරිගණකගත කරන කම් වාණිජ බැංකු බලන් ඉන්න ඕන.
ටැබ් දෙන්න ප්‍රථම පාසල්වල වැසිකිලි ටික හදලා දෙන්න. දරුවන්ගේ ප්‍රධාන ප්‍රශ්නය ටැබ් නොවෙයි. රටේ පාලකයින්ගේ අමන තීරණ නිසා අද මෙරට දුප්පත් කමේ අඩියටම වැටිලා තිබෙනවා. ජීවන වියදම අහස උසට වැඩිවෙලා. මිනිස්සු අතේ මුදල් නැහැ. මෙහෙම ගියොත් ඉතියෝපියාවක් වෙන දවස වැඩි ඈතක නොවේ...
හනේ අප්පේ ! මේ ටැබ් දෙන්ඩ යනවා කීව්වේ අවුරුදු දෙකකටත් ඉස්සර වගේ මට මතක. ආ.... හරි , සජිත්ව පැත්තකට දාල මෝදී මහත්තයාගේ කාර් එකට රිංග ගත්තට පස්සේ වැඩේ සැට් උනා වත්ද ? බඩු ටික එන්නේ ඉන්දියාවෙන් වත්දෝ කියලත් හිතෙනවා . අර වයි ෆයි කලාප දෙන්නේ ඊටත් පස්සේ වෙන්ඩැති මයෙ හිතේ .