IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ටිපරය නවතා රෝද දෙකක් මං කොල්ල කාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ  ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට  ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

කොල්ලකෑ රෝද දෙකද පොලිස් භාරයට ගෙන ඇත.

නාර්තු පාන සිට හොරවල දෙසට ටිපර් රථය ධාවනය වෙමින්තිබියදී  පස් දෙනෙකුගෙන් යුත්කල්ලියක   ලොරියකින් පැමිණ නෑබොඩ  ප්‍රදේශයේදී මඟ හරස්කර  ටිපර් රථය නවතා රියදුරුට තර්ජනය කර එහි ඉදිරිපස රෝද දෙක ගලවාගෙන රැගෙන ගොස් මඳ වේලාවකට පසු රිම් දෙක නැවත එම ස්ථානයේ දමා පලා කී බවට ලද පැමිණිලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසියය කියයි.

ලොරියේ රෝද දෙක කොල්ලකන ලද ප්‍රධාන   සැකකරු ලිහිණියාව ප්‍රදේශයේදීඅත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශන වලදී  කොල්ලකෑම සිදු කල ප්‍රධාන සැකකරු මීට දින කීපයකට ඉහතදී මෙම ලොරිය ඔහු බාරයේ තබාගෙන පරිහරණය කරමින් තිබියදී හිමිකරුට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවිම හේතුවෙන් හිමිකරු විසින් ටිපර් රථය නැවත ලබාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

ටිපරය නවතා රෝද දෙකක් මං කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site