
(නිමල් ජයරත්න)
පොලොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ආච්චි බෝක්කුව ප්‍රදේශයේදි අද අලූයම එකට පමණ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ වූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය කියයි.
මියගිය දෙදෙනා පිරිමි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අනිත් අතර ඔවුන්ගේ නම් ගම් ලිපිනයන්,මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන ඒවට නොහැකි වී ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය
මනම්පිටියේ සිට වැලිකන්දේ සිට ගමන්ගත් ත්‍රීරෝද රථය වැලිකන්දේ සිට පොළොන්නරුව දෙසට ගමන් කරමින් තිබියදී මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදුකරන ම්නම්පිටිය පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මග නවතා තියෙන ටිපර් වල ගැටී කී දෙනෙක් වෙලා තියනවද ?පොලිසියටයි ,ඇමතියාටයි ඇහැ ඇරෙන්නේ කවදාද නිවරදිමාර්ග නීතියක් හදන්න.ලෝකේ අනිත් රටවල් වාහන කැඩුනහම අනුගමනය කරන පිලිවෙත් කොයි තරම් තියනවද. සසර වසන තුරු .....නිවන් දකින තුරු ....තමයි කියන්න පුළුවන්