
(මහින්ද නිශ්ශංක)
ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම උපරිම සිල්ලර මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ලෙසද, ජැක් මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙස එම ගැසට් නිවේදනයේ සදහන් වේ.
මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වන අතර මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් ලෙස ගැසට් නිවේදනයේ දැක්වෙන බවත් අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්තික විද්යාවේ කියනවා පාලන මිලක් දානවා කියන්නේ කළුකඩ ජාවාරමට අනුබල දීමක් වෙනවා කියලා. ඒ වගේම භාණ්ඩ හිඟයකුත් ඇතිවනවා. ආණ්ඩුවේ මහදැනමුත්තන් ඒවා නොදන්නවා වෙන්න බෑනේ...