
(ප්රසාද් රුක්මල්)
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව සහ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවදානය නිසා නිසා වැළකී ගියේය.
එස්.12 වර්ගයේ බලවේග දුම්රිය එන්ජින් දෙකකින් සම්න්විත මෙම ටිකිරි මැණිකේ සීඝ්රගාමී දුම්රිය කොළඹ කොටුව සිට දහවල් 12.40 ට පමණ පිටත් බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.
ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය අඩි 30ක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇත.
පසුව දුම්රියෙන් ගැලවී වෙන්වූ පසු පස දුම්රිය එන්ජිම යළි නවතා තිබු දුම්රිය අසලට ඇවිත් නතර වී තිබෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලිකන් එකක් වෙන්න ඇති දාල තිබුණේ... ඒක නෙමේ, නම ටිකිරි මැණිකේද, කිම් කාඩෑෂියන්ද?
මෙම ටිකිරි මැණිකෙගේ පස්ස පැත්තේ එනජිමේ රියදුරෙක් හිටියේ නැද්ද ? බලං යනකොට, මෙක "නිකං එන්ජිමක්" පමණක් බව පැහැදිලිවම පෙනෙනවා !!! මෙවැනි හදිසි අවස්ථාවකදී පිටුපසින් ඈදාගෙන යන මෙවැනි නිකං එන්ජිමක කාර්යය භාරය කුමක්ද? මෙය CGR එකට ආවෙනික, සාම්ප්රදායික කාර්මික දෝශයක්ද, නැත්නං එය දුම්රියට ඈදපු කාර්මිකයා පොඩ්ඩක් "ඩොප්වී" ජොබ් එක කරපු නිසාද කියා විමර්ශනය කළ යුතු වෙනවා !
ඉන්දියන් ජරාවල්
මාලිමා පාණ්ඩුව වගේ තමයි, කලොත් වැඩක් නාගැනීමක්!
ටිකිර් මැණිකෙ තව හොඳයි බලන්නකො මාලිමා මැණිකෙ. රෙදි ගැලවිලා අමු නිරුවත්සරෙංම දුවන්නෙ
නලින්ද ජයතිස්ස බිමල් රත්නායක නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලේ කඩාකප්පල්කාරී ක්රියාවක් බවයි.ජනපති කියන්නේ 76 සාපය කියලයි.
මෙකේ ගාර්ඩලා නිදිද? බිලාද ඉදලා තියෙන්නේ.... මෙවගේ දෙයක් වෙනකන්....
එන්ජිම සවි කරපු කාර්මික නිලධාරින්ගේ අතපසුවීමක් වත්ද?
අධික ගැස්සීමකදීත් මේ ජාතියේ කප්ලින් එක පනිනවා. ඒක සාමාන්යයි
ඇයි අනේ ඉතිං ටිකිරි මැණිකෙ ගස්සාගෙන ගියේ...!
මොනා පිස්සුද ? අපේ රටේ ඉබි ගමන් යන හුචක්කු වලට ඕවා ගැලවෙනවා නම්, පිටරටවල කි.මි. 500 හෝ ඊටත් වැඩි වේගයෙන් ධාවනය වන දුම්රිය ගැන මොනා කියන්නද? අනේ පව් අනේ, ඔයගේ ටිකිරි මොලේ!