(නිමන්ති රණසිංහ )
ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය.
මෙම බාලවයස්කාර දරුවන් හය දෙනා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොල ළමා නිවාසයේ රඳවා තබන ලෙසට ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම සැකකාර දරුවන් වයස අවුරුදු 12 සිට 16 දක්වා අතර වයස් කාණ්ඩවල පසුවන අයවලුන් බව ග්‍රෑන්පාස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට වෙච්චි දේ. පොඩිදේටත් මිනී මරාගන්න තරම් රට පිරිහිලා? බාලවයස්කාරයින් දැන්ම මෙහෙම නම් තව ඉස්සරහට මොනවා වෙයිද?